“මිය ගිය රණවිරුවෝ ශාප කරයි” – බොරු ගොතා නැංවූ එජාප වේදිකාවෙන් ඉරාජ් බැසයයි (VIDEO)

Picture of Roshan

Roshan

ඊයේ (07) දිනයේදී එජාපය විසින් විහාරමහාදේවි රංග පිටියේදී පැවති “යුක්තියේ හඬ”  ප්‍රසංග වේදිකාවට කලාකරුවන් නංවා ඇත්තේ නොයෙකුත් බොරු ගොතා රවටා බව ඉරාජ් වීරරත්න මහතා පවසයි.

මෙහිදී ඉරාජ් වීරරත්න මහතාට අමතරව ඊට විරෝධය පාමින් වසන්ත දුක්ගන්නාරාළ මහතාද තම විරෝධය පාමින් එම වේදිකාවෙන් ඉවත්ව ඇත.

දේශපාලනයෙන් තොර යයි පවසමින් එම ප‍්‍රසංගය සඳහා ආරාධනා කර තිබුණද එහිදී තනිකරම ජනාධිපතිවරයාට සහ හිටපු ජනාධිපතිවරයාට එක්සත් ජාතික පක්‍ෂ මන්ත‍්‍රිවරුන් විසින් දැඩි ලෙස විවේචනය එල්ල කරන බවට ඇතැම් කලාකරුවන් චෝදනා කර තිබේ.

ප‍්‍රසංගය අතරතුරදීම එහි සිට ඔහු සිය ෆේස්බුක් ගිණුම ඔස්සේ සජීවී වීඩියෝවක් ඔස්සේ සදහන් කලේ බොරු කියා තමන්ව වේදිකාවට ගෙන්වූ බවත් රට බෙදන වැඩ වලට තමන්ම සහය වන්නට සූදානම් නැති බවත් එසේ කලහොත් මියගිය රණවිරුවන් තමනට සාප කරනු ඇති බවත් ය.

කෙසේ වෙතත් පක්ෂග්‍රාහී නොවූවේ යැයි කියන යුක්තියේ හඬ ප්‍රසංගය අවසානයේ දෙපිරිසක් අතර උණුසුම් තත්ත්වයක් ඇති වූ බව වාර්තා වේ.

එහිදී එක් පාර්ශවයක් උද්‍යානය තුළ පන්දම් රැගෙන මැතිවරණයක් අවශ්‍ය බව කියමින් විරෝධතාවක නිරත වූ අතර, තවත් පිරිසක් මැතිවරණයක් අවශ්‍ය නොවන බව පවසමින් එම ස්ථානයේම විරෝධය දක්වා තිබේ.

එම වීඩියෝව පහතින්