මෙරට ආර්ථිකයට තවදුරටත් ශක්තියක් වන බව චීනය සහතික වෙයි

Picture of අසංක

අසංක

ශ්‍රී ලංකාව වෙත වඩාත් වැඩි ප්‍රතිලාභ ලබාදීම සඳහා බෙල්ට් ඇන්ඩ් රෝඩ් (බීආර්අයි) සංවර්ධන වැඩසටහන තවදුරටත් ශක්තිමත් කරන බව චීනය අවධාරණය කර සිටී සූදානම් බවයි.

ඒ අනුව එම වැඩසටහන යටතේ ශ්‍රී ලංකාව තුළ ව්‍යාපෘති ක්‍රියාත්මක තවදුරටත් පුළුල් කරන බවත් චීන විදේශ අමාත්‍යාංශයේ ප්‍රකාශක ජෙන් ෂුවාං මහතා සඳහන්කර ඇත.

එසේම ණය වැඩසටහන් ද පුළුල් කරන අතර එය ශ්‍රී ලංකාවේ ආර්ථික වර්ධනයට රුකුලක් වනු ඇති බවද ඒ මහතා මාධ්‍ය වෙත සඳහන් කර ඇත.

එම වැඩසටහන් ශ්‍රී ලංකාව තුල රැකියා විශාල ප්‍රමාණයක් නිර්මාණය කරනු ඇති බවත් ඒ මහතා පැවසීය