“මෙරට මුස්ලිම් ජාතිකයින් මාලදිවයිනට කැඳවිය යුතුයි” 

Picture of උමංග බණ්ඩාර

උමංග බණ්ඩාර

– එරට හිටපු විදේශ ඇමතිනිය කියයි
පැතුම් වික්‍රමරත්න
ශ්‍රී ලංකාවේ සිටින මුස්ලිම් ජාතිකයන්ට මාලදිවයිනේ පදිංචියට එන ලෙස  ආරාධනා කළ යුතුව ඇති  බව මාලදිවයිනේ හිටපු විදේශ ඇමති දුන්යා මවුමූන් මහත්මිය අවධාරණය කර ඇත .
තම සමාජ ජාල ගිණුමේ සටහනක් තබමින් ඇය පෙන්වා දෙන්නේ මෙතෙක්  තම රජය එසේ නොකිරීම ගැන තමන් පුදුම වන බවය.
කොරෝනා රෝගයෙන් මිය යන ඉස්ලාම් ආගමිකයන්ගේ අවසන් කටයුතු එම ආගමිකයන්ගේ කැමැත්තට අනුව සිදු කරන ලෙස ශ්‍රී ලංකා රජයෙන් ඉල්ලා සිටින බවද  ඇය එහි සදහන් කර ඇත
මාලදිවයින් විදේශ ඇමතිවරයා මෑතකදී සඳහන් කර තිබුණේ ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ ඉල්ලීමක් මත ශ‍්‍රී ලංකාවේ කොරෝනා මුස්ලිම් මෘත දේහයන් තම රටේ ආදාහනය කිරීමට සලකා බලමින් සිටින බවය.