රජය වී කිලෝව 50ට ගනී

Picture of අසංක

අසංක


මහ කන්නයේ වී කිලෝවක් රුපියල් 50 කට මිලදී ගැනීමට රජය පියවර ගෙන ඇත.

මේ සඳහා කෘෂිකර්ම අමාත්‍ය චමල් රාජපක්ෂ මහතා ඉදිරිපත් කළ යෝජනාවකට කැබිනට් අනුමැතිය හිමිව ඇත.

එම යෝජනාවට අනුව තෙතමනය සහිත වී කිලෝවක් රුපියල් 45 කට රජය මිලදී ගනු ඇත.

ඒ, අනුව වී අලෙවි මණ්ඩලය සහ දිසාපතිවරුන් මාර්ගයෙන් අදාළ මිල ගණන් යටතේ වී තොග මිලදී ගැනීමටද නියමිත ය.