රටේ නිෂ්පාදනයට විවාහක – අවිවාහක කතුන්ගේ දායකත්වය ගැන අනාවරණයක්

Picture of අසංක

අසංක

දළ දේශීය නිෂ්පාදිතය ගණනය කිරීමේදී විවාහක අවිවාහක බව සලකා බලන විට, නිෂ්පාදන ක්‍රියාකාරකම් සඳහා දිනකට වැඩිම කාලයක් යොදවනු ලබන්නේ කිසිදිනෙක විවාහ නොවූ කාන්තාවන් බවට අනාවරණය වී තිබේ.

කෙසේවෙතත් එම ගණනය කිරීමේදී නිෂ්පාදන ක්‍රියාකාරකම් සඳහා වැඩිම සහභාගීත්වයක් දක්වන්නේ විවාහක කාන්තාවන් බව ජන හා සංඛ්‍යාලේඛන දෙපාර්තමේන්තුව පවසයි.

මෙහිදී වැඩිහිටි කාන්තාවන් යනුවෙන් සළකනු ලබන්නේ වයස අවුරුදු 10 හා ඊට වැඩි කාන්තා පාර්ශ්වයයි.

විවාහක අවිවාහක බව සලකා බලා මෙම ගණනය කිරීම කර ඇත.

කෙසේවෙතත් නිෂ්පාදන කටයුතුවල නිරත වන කාන්තාවන් අතරින් විවාහක කාන්තාවන් හා වැන්දඹු/ දික්කසාද වූ/ විවාහයෙන් වෙන් වූ කාන්තාවන්ට සාපේක්ෂව කිසිදින විවාහ නොවූ කාන්තාවන් දිනකට නිෂ්පාදනය වෙනුවෙන් වැයකරන කාලය මෙහිදී ගණන් බලා තිබේ.

ශ්‍රී ලංකා කාල පරිහරණ සමීක්ෂණය මගින් මෙම දත්ත අනාවරණය කරගෙන තිබේ. මේ පිළිබඳ අවසන් සමීක්ෂණය කර ඇත්තේ 2017 වසරේදී ය.