ගෙවී ගිය පස් වසර තුළ හෙරොයින් කිලෝ 7419යි ග්‍රෑම් 303ක්ද, අයිස් මත්ද්‍රව්‍ය කිලෝ 1480යි ග්‍රෑම් 378ක්ද මෙරටදී අත්අඩංගුවට ගෙන ඇත. මෙම ප්‍රමාණය ටොන් 09කට අධිකය.
2022 සහ 2018 අතර වසර පහ තුළ රටපුරා සිදුකර ඇති මත්ද්‍රව්‍ය වැටලීම් සම්බන්ධයෙන් වූ පොලිස් මත්ද්‍රව්‍ය කාර්යාංශයට වාර්තා වී ඇති සංඛ්‍යා දත්ත thecolomboexpress.com විසින් විශ්ලේෂණයේදී පෙනී යන්නේ මෙම මත්ද්‍රව්‍ය තොගය සමඟ සැකකරුවන් 289,497 දෙනෙක් අත්අඩංගුවට ගෙන ඇති බවය. ඒ හොරොයින් සම්බන්ධයෙන් සැකකරුවන් 256,256ක් සහ අයිස් මත්ද්‍රව්‍ය සම්බන්ධයෙන් සැකකරුවන් 37,241ක් වශයෙනි.
ඒ හැරුණු කොට මෙම පස් වසර තුළ කොකේන් නැමැති මත්ද්‍රව කිලෝ 413යි ග්‍රෑම් 378ක්ද සමඟ සැකකරුවන් 181 දෙනෙක් අත්අඩංගුවට ගෙන ඇත. හෂිස් කිලෝ 184යි ග්‍රෑම් 381ක්ද ගංජා කිලෝ 59,896යි ග්‍රෑම් 695ක්ද මේ හැරුණු මේ කාලය තුළ අත්අඩංගුවට ගෙන තිබේ. මෙහිදී හෂිස් සමඟ අත්අඩංගුවට ගෙන ඇති සැකකරුවන් ගණන 532 දෙනෙක් වන අතර ගංජා සමඟ අත්අඩංගුවට ගෙන ඇති සැකකරුවන් ගණන 237,583 දෙනෙකි.
මේ වන විට සමාජ ව්‍යසනයක් බවට පත්ව ඇත්තේ හෙරොයින් සහ අයිස්ය. ගෙවී ගිය පස් වසරතුළ මෙම මත්ද්‍රව්‍ය සමඟ අත්අඩංගුවට ගත් පිරිස සුළුපටු නැත. අන්තරායකර ජාතික ඖෂධ පාලක ජාතික මණ්ඩලයේ ගණනය කිරීම්වලට අනුව මෙරට මත්කුඩු භාවිතයට ඇබ්බැහි වී සිටින පිරිස ලක්ෂයකි. ඒ කලකට ඉහතදී කළ සමීක්ෂණ ගණනය කිරීම්ය.
2018 වසරේ සංඛ්‍යා දත්තයන්ට අනුව එම වසරේ හෙරොයින් සම්බන්ධයෙන් අත්අඩංගුවටගත් සැකකරුවන් ගණන 68,273 දෙනෙකි. අයිස් මත්ද්‍රව්‍ය සම්බන්ධයෙන් එම වසරේ අත්අඩංගුවට ගෙන ඇති සැකකරුවන් ගණන 22,460කි. ඒ අනුව බලන කල 2018 වසරේදී හෙරොයින් සහ අයිස් මත්ද්‍රව්‍ය සම්බන්ධයෙන් අත්අඩංගුවට ගෙන ඇති සැකකරුවන් ගණණ 90,730කි.
මත්ද්‍රව්‍ය සමඟ පුද්ගලයින් අත්අඩංගුවට ගැනීම් (2018 -2023 අප්‍රේල් 19 කාලය තුළ)
වර්ෂය | හෙරොයින් | ගංජා | කෙකේන් | හෂිස් | අයිස් | පෙති/කරල්/ වෙනත් |
2023/04/19 | 18,842 | 19,895 | 14 | 28 | 6168 | 302 |
2022 | 68,273 | 51,541 | 39 | 197 | 22,460 | 676 |
2021 | 50,412 | 44,271 | 26 | 47 | 14,000 | 101 |
2020 | 51,603 | 41,171 | 33 | 72 | 324 | 2006 |
2019 | 40,970 | 45,915 | 62 | 121 | 200 | 2040 |
2018 | 40,998 | 54,685 | 21 | 95 | 257 | 433 |
මත්ද්‍රව්‍ය භාවිතාකරන හැම පුද්ගලයෙක්ම පොලීසියට හසුවන්නේ නැත. සාමාන්‍යයෙන් මත්ද්‍රව්‍ය භාවිතා කරන්නන්ගෙන් අත්අඩංගුවට පත්වන්නේ සියයට 20ක් හෝ 30ක් පමණි. ඒ අනුව බලන මෙතෙක් පොලීසියට හසු නොවී සිටින මත්කුඩු වලට ඇබ්බැහිව සිටින්නන්ගේ සංඛ්‍යාව අත්අඩංගුවට ගෙන ඇති ප්‍රමාණය මෙන් විශාල ප්‍රමාණයක් වනු ඇත.
මත්ද්‍රව්‍ය වලට මේ වන විට සමාජයේ විවිධ තරාතිරම්වල පුද්ගලයින් හිතා ගන්නවත් බැරි තරමට ඇබ්බැහි වී සිටිති. විශේෂයෙන් පොලීසිය සහ ත්‍රීවිධ හමුදාවේද විශාල පිරිසක් අද වන විට අයිස් හා හෙරොයින් වලට ඇබ්බැහි වී සිටිති. සතියකට දෙතුන් දෙනෙක් පොලීසියේ නිලධාරීන් දැන් මත්කුඩු සමඟ හසුවීම සුළභ තත්ත්වයක් බවටද පත්ව ඇත.
පොලිස් අභ්‍ය්‍යන්තර තොරතුරු සඳහන් කරනුයේ මත්ද්‍රව්‍ය වලට ඇබ්බැහි වූවෝ දහස් ගණනක් දැන් පොලීසිවල සිටින බවය. ඒ අතර වැඩියෙන්ම ඇත්තේ මෑතකදී පොලිස් සේවයට එක්වූ තරුණ පිරිස්ය. වැඩි වශයෙන් හසුවෙමින් ඇත්තේ එවැනි අය බවද පොලිස් තොරතුරු හෙළිකරන කරුණකි.
මේ හැරුණු කොට මත්වීමට විවිධ මත්පෙති සහ කරල්ද දැන් බහුල වශයෙන් භාවිත කරන බව පෙනී යයි. මෙම පස්වසර තුළ මත්වන්නට භාවිතා කරන කරල් 142,558ක්ද, පෙති 15,927,364ක්ද පොලීසිය අල්ලාගෙන ඇත්තේ සැකකරුවන් 5256 දෙනෙක් සමගිනි.
2018 -2023 අප්‍රේල් 19 අතර කාලය තුළ රටපුරා සිදු කළ මත්ද්‍රව්‍ය වැටලීම් ප්‍රමාණය (කිලෝ ප්‍රමාණයෙනි)
වර්ෂය | හොරොයින් | ගංජා | කොකේන් | හෂිස් | අයිස් | මත්කරල් (කරල් ගණන) | මත්පෙති (පෙති ගණන) | KATH |
2023/04/19 | 241.127 | 3120.295 | 5.188 | 97.810 | 14.963 | 202,257 | 13,041 | |
2022 | 1645.119 | 16165.854 | 370.112 | 39.261 | 241.596 | 114,199 | 130,463 | |
2021 | 1630.103 | 15666.704 | 10.353 | 93.883 | 377.294 | 25,813 | 119,346 | 16.880 |
2020 | 1629.341 | 16198.429 | 1.710 | 2.314 | 812.777 | 36,082 | 63,086 | 68.856 |
2019 | 1774.993 | 7085.425 | 9.590 | 15.163 | 41.300 | 520 | 275,572 | 24.622 |
2018 | 730.747 | 4780.279 | 22.122 | 33.760 | 7.411 | 2026 | 15,338,897 |