රුබෙල්ලා-සරම්ප තුරන් කළ පළමු අග්නිදිග ආසියානු රටක් ලෙස ලංකාව නම් කෙරේ

Picture of අසංක

අසංක

රුබෙල්ලා සහ සරම්ප තුරන් කළ පළමු අග්නිදිග ආසියානු රටවල් දෙක බවට, ශ්‍රී ලංකාව සහ මාලදිවයින පත්ව ඇත.

ඉලක්කගත කාලයට පෙරම ශ්‍රී ලංකාව සහ මාලදිවයින එම රෝග තුරන් කර ඇති බවලෝක සෞඛ්‍ය සංවිධානය නිවේදනය කර ඇත.

2023 වන විට කලාපයෙන් රුබෙල්ලා සහ සරම්ප රෝග තුරන් කිරීම, ලෝක සෞඛ්‍ය සංවිධානයේ අපේක්ෂාව වී තිබිණ.

ඒ අනුව ශ්‍රී ලංකාවෙන් අවසන් වරට සරම්ප රෝගියෙකු වාර්තා වී ඇත්තේ 2016 වසරේ මැයි මාසයේදීයී.

2017 වසරේ මාර්තු මාසයේදී මෙරටින් අවසන් වරට රුබෙල්ලා රෝගියෙකු වාර්තා වී තිබිණ.