රුසියා – යුක්‍රේන ගැටුම් නිසා යුරෝපයේ භාණ්ඩ හිඟයක් !

Picture of පැතුම් වික්‍රමරත්න

පැතුම් වික්‍රමරත්න

මාස කිහිපයක් පුරා අඛණ්ඩව පවතින රුසියාවේ යුක්‍රේන ආක්‍රමණය හේතුවෙන් ලෝක ආර්ථිකයට සිදුව ඇති බලපෑම මත යුරෝපයට පවා භාණ්ඩ හිඟයකට මුහුණදීමටයි සිදුව ඇත.

එහි නවතම තත්ත්වය වාර්තා කරමින් යුරෝපා මාධ්‍ය සඳහන් කරන්නේ ආහාර පිසීමට යොදා ගන්නා ඔලිව්, සූරියකාන්ත වැනි තෙල් වර්ගවල මිල ගණන් සීඝ්‍රයෙන් ඉහළ ගොස් තිබෙන බවයි .

එහිදී බි්‍රතාන්‍ය තීරණය කර ඇත්තේ ආහාර පිසින තෙල් වර්ග මිලදී ගැනීමට දැඩි සීමා පැනවීමටයි.

දින නියමයක් නොමැතිව තවදුරටත් දිග් ගැස්සෙමින් ඇති රුසියානු – යුක්‍රේන යුද්ධය ලබන වසර අවසානය තෙක් පවතිනු ඇති බවටයි බි්‍රතාන්‍ය අග්‍රාමාත්‍ය බොරිස් ජොන්සන් විශ්වාසය පළ කරන්නේ.