නිරෝධායන ඇඳිරිනීතිය පැනවීම හේතුවෙන් කොළඹ දිස්ත්‍රික්කයේ ජීවනෝපාය අහිමි වූ පුද්ගලයින් සඳහා රුපියල් 2,000ක දීමනාව ලබාදීම එලඹෙන සතියේ සිට ආරම්භ කෙරේ .
එම දීමනාව ලබාදීම සඳහා මූලික වටයේදී 250,000කට අධික පිරිසක් හඳුනාගෙන ඇති බව කොළඹ දිස්ත්‍රික් ලේකම් ප්‍රදීප් යසරත්න මහතා පැවසීය.
ප්‍රාදේශීය ලේකම්වරු 13 දෙනා, සියලුම ග්‍රාම නිලධාරීවරුන්, සමෘද්ධි සංවර්ධන නිලධාරීන් සහ සංවර්ධන නිලධාරීන්ගේ මාර්ගයෙන් එම දීමනාව ලබාදීමට කටයුතු කරන බවද කොළඹ දිස්ත්‍රික් ලේකම්වරයා වැඩිදුරටත් පැවසීය.