රෝහල් ඇඳන් 11000කට ඔක්සිජන් පහසුකම් ලබාදීමේ ව්‍යාපෘතියක් !

Picture of පැතුම් වික්‍රමරත්න

පැතුම් වික්‍රමරත්න

රජයේ රෝහල්වල ඇඳන් 11000ක ඔක්සිජන් ඇතුළු අනෙකුත් පහසුකම් ඇති කිරිමේ ව්‍යාපෘතියක් ක්‍රියාත්මක කිරීමට  සෞඛ්‍ය අමාත්‍යංශ්‍ය සැලසුම් කර ඇත .

කොරෝනා ආසාදිත රෝගීන් දැඩි සත්කාර ඒකක සඳහා යොමු කිරීමට අවශ්‍ය නොවන පරිදි වාට්ටුවල ඇඳන් සඳහා ඔක්සිජන් පහසුකම් ඇති කිරීම නියමිත බවද සෞඛ්‍ය අමාත්‍යාංශය සඳහන් කර ඇත .

මෙම වැඩපිළිවෙල රටපුරා රජයේ රෝහල් 191ක ක්‍රියාත්මක කරන බවද සෞඛ්‍ය අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල මහතා මාධ්‍ය වෙත අද  පැවසීය.

මෙම ව්‍යාපෘතිය සඳහා රුපියල් කෝටි 300ක පමණ මුදලක් වැය කිරීමට අපේක්ෂිත බවද ඇමතිවරයා මෙහිදී  කීය.