ලබන ව‍සරේදී ඉන්දියාව චීනය අභිබවයි

Picture of අසංක

අසංක

2023 වසර වනවිට ඉන්දියාව ලොව වැඩිම ජනගහනය සහිත රට වනු ඇති බවට අනාවැකි පළවෙයි.

ඒ එක්සත් ජාතීන්ගේ ලෝක ජනගහන අපේක්ෂාව සම්බන්ධයෙන් එළිදැක්වූ නවතම වාර්තාව මගිනි.

මේ වනවිට ලොව වැඩිම ජනගහනයක් සහිත රට වන්නේ චීනයයි. එරට සමස්ත ජනගහනය බිලියන 1.42කි.

ඉන්දියාවේ සමස්ත ජනගහනය බිලියන 1.41කි.

එමෙන්ම මෙම වසරේ නොවැම්බර් මාසය වනවිට ලොව සමස්ත ජනගහනය බිලියන 8 ඉක්මවා යනු ඇති බව ද එක්සත් ජාතීන්ගේ සංවිධානය පෙන්වා දේ.

එමෙන්ම 2080 වසර වනවිට ලොව සමස්ත ජනගහනය බිලියන 10 ඉක්මවා යනු ඇති බවට එම සංවිධානය කියාසිටී.

ලොව පුරා ජනගහනය ඉහළ යාම සමානව සිදු නොවන්නකි.

කොංගෝ රාජ්‍ය,  ඊජිප්තුව,  ඉතියෝපියාව,  ඉන්දියාව,  නයිජීරියාව,  පාකිස්තානය,  පිලිපීනය හා ටැන්සානියාව යන රටවල ජනගහනය ඉහළ යාම ශීඝ්‍රයෙන් සිදුවන බව එක්සත් ජාතීන්ගේ සංවිධානය සදහන් කරයි.

අඩුම උපත් අනුපාතිකය චීනයෙන් වාර්තා වේ.

ඒ හේතුවෙන් ඉන්දියාව ලොව වැඩිම ජනගහනයක් සහිත රට බවට ඉදිරියේ දී පත්වනු ඇත.