මේ වන විට ලෝක වෙළෙඳපොළේ බොරතෙල් මිල කැපී පෙනෙන ලෙස පහත වැටී තිබේ. ඒ අනුව බ්‍රෙන්ට් වර්ගයේ බොරතෙල් බැරලකයක මිල පෙරේදා (03) දිනයේදී ඩොලර් 3.81කින් එනම් 4.4%කින් පහත වැටී ඇති අතර එම තෙල් බැරලයක මිල සටහන්වුයේ ඩොලර් 82.10ක් ලෙසිනි.
ඊයේ දිනය (04) වන විට එය ඩොලර් 81.87 ක් ලෙසද
අද දිනය (05) වන විට එය ඩොලර් 78.74 ක් ලෙස දැක්වෙයි
චීනයේ ඉල්ලුම පහත වැටිම, ගෝලීය ආර්ථිකයේ අස්ථාවරත්වය හා ඩොලරය ශක්තිමත්වීම හමුවේ මෙසේ බොරතෙල් මිල පහළ ගොස් ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

