වරාය නගරයට ‘ආසිරි’ රෝහලක් !

port-city-colombo
Picture of පැතුම් වික්‍රමරත්න

පැතුම් වික්‍රමරත්න

ආසිරි හොස්පිටල් හෝල්ඩිංග්ස් සිය පූර්ණ අනුබද්ධිත සමාගමක් වන ආසිරි පෝට් සිටි හොස්පිටල් (පුද්) සමාගම විසින් කොළඹ වරාය නගරය තුළ රෝහලක් ඉදිකිරීම සහ ක්‍රියාත්මක කිරීම සඳහා කොළඹ වරාය නගර ආර්ථික කොමිෂන් සභාව සමඟ බදු ගිවිසුමකට එළඹ ඇති බව නිවේදනය කර සිටී.

කොළඹ වරාය නගරය තුළ හඳුනාගෙන ඇති ප්‍රධාන උපායමාර්ගික සහ මහා පරිමාණ සමාජ යටිතල පහසුකම් සංවර්ධන ව්‍යාපෘති හතරෙහි එකක් ලෙසින් රෝහලක් ස්ථාපනය කිරීම සඳහා මෙම ගිවිසුම්ගත වීම සිදුවී තිබේ. ඒ අනුව පෝට් සිටි පරිශ්‍රය තුළ රෝහල් සඳහා වෙන් කර ඇති භූමිය වෙනුවෙන් වසර 99ක බදු ගිවිසුමකට එළඹිම සිදුවනු ඇත.

Softlogic සමූහ ව්‍යාපාරයේ අනුබද්ධිත සමාගමක් වන Asiri Hospital Holding PLC යනු ශ්‍රී ලංකාවේ විශාලතම පෞද්ගලික සෞඛ්‍ය සේවා සැපයුම්කරුවායි. දිවයින පුරා රෝහල් 11ක් ආසිරි සමූහය යටතේ ක්‍රියාත්මක අතර එහි සමස්ත ඇඳන් ධාරිතාවය 800 ඉක්මවා තිබේ.

කොළඹ වරාය නගරය පදනම් කරගත් Asiri Port City Hospital (Pvt) Ltd, ඒකාබද්ධ සායනික පුහුණුව, අධ්‍යාපනය සහ පර්යේෂණ තුළින් සෞඛ්‍යය ප්‍රවර්ධනය කිරීම සඳහා ආසිරි රෝහල්වල විශේෂඥතාවයෙන් නව්‍ය සහ නවීන සෞඛ්‍ය ආරක්ෂණ විසඳුම් සහ අද්විතීය රෝගී සත්කාර සේවා සැපයීම සඳහා සැලසුම් කර ඇත. Asiri port City Hospital (Pvt) Ltd බරපතල හෝ සංකීර්ණ රෝග සඳහා ද සත්කාරකත්වය සැලසීමට කටයුතු යොදනු ලැබේ. Asiri port City Hospital (Pvt) Ltd වෛද්‍ය කණ්ඩායම දේශීය හා ජාත්‍යන්තර වෛද්‍ය විශේෂඥයින්ගෙන් සහ විශේෂඥයින්ගෙන් සමන්විත වන අතර ඔවුන්ට ජාත්‍යන්තරව පුහුණුව ලත් පළපුරුදු හෙද සහ සත්කාර කාර්ය මණ්ඩලයේ සහාය ලැබෙනු ඇත.

ආසිරි රෝහල් සමූහයේ මෙම නව මුලපිරීම වෛද්‍ය සංචාරක ව්‍යාපාරය දියුණු කිරීම සහ ශ්‍රී ලංකාව වෙත ආකර්ෂණය කර ගැනීම සඳහා රට ගෙන යන ගමනේ වැදගත් සන්ධිස්ථානයක් බව මේ සම්බන්ධයෙන් අදහස් දක්වමින් Softlogic සමූහයේ නිර්මාතෘ සහ සභාපති/කළමනාකාර අධ්‍යක්ෂ අශෝක් පතිරගේ මහතා පවසයි. Asiri Port City Hospital (Pvt) Ltd දේශීය වෙළෙඳපොළට පිවිසෙන විශේෂඥතාව සහ ජාත්‍යන්තර සහයෝගීතාවයේ සංකලනය මගින් රටේ සෞඛ්‍ය ක්ෂේත්‍රය නව තලයකට ගෙන ඒමටත්, ආසියාවේ වෛද්‍ය සංචාරක ගමනාන්තය බවට පත් කිරීමටත් අපේක්ෂා කරනු ලබන බව ඔහු වැඩිදුරටත් සඳහන් කර සිටී.