නවතම පුවත්

“ව්‍යාපාරිකයන් ගේන පොල්තෙල්වල ප්‍රමිතිය බැලුවම බනින්නෙත් රජයට” – ජනපති

අසංක

අසංක

පෞද්ගලික ව්‍යාපාරිකයන් විසින් ආනයනික පොල්තෙල්වල ප්‍රමිතිය පරීක්ෂා කිරීමට රජයේ ආයතන ඇති බවත් ඒවා පරීක්ෂා කළ විට විස පොල්තෙල් ගෙනෙන බවට ඇතැම් පිරිස් රජයට චෝදනා කරන බවත් ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා පවසයි.

උතුරු පළාත කේන්ද්‍ර කරගනිමින් පැවැත්වෙන “ගම සමග පිළිසඳර” පළමු වැඩසටහනට එක්වෙමින් ජනාධිපතිවරයා මේ බව කීය.

“මම කටු පොල් වගාව තහනම් කළා. විශාල විරෝධයක් තිබුණා පරිසරය, ජල මූලාශ්‍ර හිඳිලා කියලා. අපේ පොල් තෙල් තමයි හොඳ. පහුගිය කාලවල්වල අපේ පොල්ගසුත් කැපුවා. අපිට පිටරටින් පොල් තෙල් ගෙන්නන්නට සිද්ධ වුණා. එක එක ව්‍යාපාරිකයෝ තමයි මේවා ගෙන්නන්නේ. හැබැයි මේවා හරි ප්‍රමිතියක් තියෙනවා ද කියලා බලන්න රජයේ ආයතන තියෙනවා. ඒවා ඇල්ලුවාම රජයට බනිනවා වස විස තියෙන පොල් තෙල් ගේනවා කියලා.”

වව්නියාව උතුරු ප්‍රාදේශීය ලේකම් බල ප්‍රදේශයට අයත් වෙඩිවෛත්‍යකල්ලු ග්‍රාමසේවා වසමේ දී අද පැවැත්වූ මෙය “ගම සමග පිළිසඳර” 17 වැනි වැඩසටහනයි.

එම වැඩසටහනට එක්වෙමින් ජනාධිපතිවරයා වැඩිදුරටත් මෙසේ සඳහන් කළේය.

“පවුල් 800කට විතර ගොවිතැන් කරන්නට ඉඩම් නෑ කියලා කිව්වා. ඒ ප්‍රශ්න හඳුනාගෙන ඒවා කඩිනමින් ලබාදෙන්න තමයි ජනාධිපතිවරයා වශයෙන් මේ පැත්තට එන්නේ. දැන් මම මේ ඉඩම් ලබා දෙන්න කිව්වොත් හෙට ඉඳලා ගහයි මම කැළෑ කපන්න කිව්වා කියලා. සමහර වෙලාවට වනරක්ෂණයේ ඉන්න නිලධාරීන්ට පවා මේවා තේරෙන්නේ නෑ. ඒගොල්ලෝ වනරක්ෂණ වැඩ විතරයි. අනෙක් පැත්ත බලන්නේ නෑ. අපි වගේ එක්කෙනෙක් ආවාම මාධ්‍යත් පහර ගහනවා හෝ ගාලා.”

“අපිට කිව්වේ ඔන්න සුදු වෑන් එනවා, කිඹුල්ලුන්ට කන්න දෙනවා, මිනිස්සු උස්සන් ගිහිල්ලා මගේ අර මාළු ටැංකියට දාලා මෝරුන්ට කන්න දෙනවා.. දැන් ඉතින් වෙන එකක් අල්ල ගන්නවා. පරිසරය අල්ල ගන්නවා. වැරදි වැඩ කරනකොට අපි අල්ලනවා.”

“මම කටු පොල් වගාව තහනම් කළා. විශාල විරෝධයක් තිබුණා පරිසරය, ජල මූලාශ්‍ර හිඳිලා කියලා. අපේ පොල් තෙල් තමයි හොඳ. පහුගිය කාලවල්වල අපේ පොල්ගසුත් කැපුවා. අපිට පිටරටින් පොල් තෙල් ගෙන්නන්නට සිද්ධ වුණා. එක එක ව්‍යාපාරිකයෝ තමයි මේවා ගෙන්නන්නේ. හැබැයි මේවා හරි ප්‍රමිතියක් තියෙනවා ද කියලා බලන්න රජයේ ආයතන තියෙනවා. ඒවා ඇල්ලුවාම රජයට බනිනවා වස විස තියෙන පොල් තෙල් ගේනවා කියලා.”

“මහින්ද රාජපක්ෂ ජනාධිපතිතුමා පරාජය කරන්න එක හේතුවක් වුණේ එතනෝල්. දැන් අපි එතනෝල් සම්පූර්ණයෙන්ම නැවැත්වුවා. හැබැයි හොරෙන් ගේනවා. ඒවා අල්ලන්න ඕනේ. කුඩු හොරෙන් ගේනවා. කුඩු අල්ලනකොට කියනවා ඔන්න දැන් කුඩු එනවලු.”

“රජයේ අනෙක් ප්‍රතිපත්තිය තමයි දූෂණය නවත්වන එක. අපේම ජනතාවනේ මේවා කරන්නේ. ඒ අය අතර ආකල්පමය වෙනසක් ඇති වෙන්න ඕනේ.”

“දැන් වියත්මගටත් බනිනවා. වෘත්තිකයන්ටත් බනිනවා. ඒ අයට වැඩ කරන්න බෑ. ජනතාව සහ නිලධාරීන් එක්ක වැඩ කරන්න දන්නෑ කියලා විශාල චෝදනා. දැන් මම තීරණය කළා ඒ අය ක්‍රමයෙන් මාරු කරන්න. මාරු කරනකොට ඔන්න එනවා මට ලියුම් හොඳ නිලධාරියෙක් ඇයි මේ මාරු කරන්නේ කියලා. හැබැයි ඉන්නකම් බයිනවා.”

“මේ රජයට මට විරුද්ධව සංවිධානාත්මකව මේ බොරු මත ගෙනියනවා. මම හැම තිස්සෙම කියන්නේ ගෝඨාභය රාජපක්ෂ නෙමෙයි වැදගත්. මාව මේ තැනට ගෙනාපු මතවාදය, ඒ බලවේගය. ඒක තමයි අපි ආරක්ෂා කරගන්න ඕනේ. මේවට විරුද්ධව තමයි බොරු ප්‍රචාර ගෙනියන්නේ. මම ජනතාවට පොරොන්දු වෙච්ච දේවල් තමයි මම කරගෙන යන්නේ.”

“කොවිඩ් නිසා විශාල රටවල් වැහෙනවා. අපේ රට අපි අරගෙන යන්න හදනවා. අපි පිටරටින් ගෙනෙන ඒවා පාලනය කළාම බඩු මිල ඉහළ යනවා. හැබැයි දේශීයව වගා කරනකොට ඒ ආදායම යන්නේ ගොවියා වෙත. ඒ වගේම අපි පාරිභෝගිකයා ගැනක් කල්පනා කරන්න ඕනේ.”

“මේ ප්‍රශ්න කතා කරන එකටත් සමහර අය මට බනිනවා. මටත් පුළුවන් කොළඹ වාඩිවෙලා ඉඳලා.. නමුත් මම කැමතියි ජනතාව ළඟට ඇවිල්ලා, එන මග ඉන්න අයටත් මම කතා කරනවා. ඉන් අවස්ථාව ලැබෙනවා මේ ප්‍රශ්නවලට කෙලින්ම පිළිතුරු දෙන්න. ”

අද පෙරවරු 10.00 ට ආරම්භ වූ වැඩසටහන සඳහා වව්නියාව දිස්ත්‍රික්කයේ මැති ඇමතිවරු ප්‍රමුඛ මහජන නියෝජිතයින්, අමාත්‍යංශ ලේකම්වරු සහ විවිධ ආයතන ප්‍රධානීන් මෙන්ම නිලධාරීන් ද සහභාගී විය.

පවුල් 478 කින් සමන්විත වන වෙඩිවෛත්‍යකල්ලු ගම්මානයේ පුද්ගලයින් 1,520 දෙනෙකු ජීවත් වන අතර වී සහ හේන් ගොවිතැන ඔවුන්ගේ ප්‍රධාන ජීවනෝපාය බවට පත්ව තිබේ.

2010 වසරින් පසු සංවර්ධනය නොවූ අතුරු මාර්ග, නිවාස, විදුලිය ඇතුළු යටිතල පහසුකම් ඌනතාව, පානීය සහ වගා ජල හිඟය, කෘෂිකාර්මික ගැටළු මෙන්ම වනඅලි තර්ජනය ඇතුළු ප්‍රශ්නවලට එම ජනතාව මුහුණ දී සිටී.

IMF
IMF වෙතින් කරුණු 16ක ක්‍රියාකාරී සැලැස්මක් !
image-27
ලොව ප්‍රථම රථ වාහන ප්‍රවාහන LNG නෞකාව හම්බන්තොටට!
image-24
බානගල උපතිස්ස නා හිමියෝ තයිලන්තයේ පිඬුසිඟා වඩිති.
image-23
නුවරඑළියටම ප්‍රදීපයක් වූ  රේණුකා හේරත් 
production & services1
පෙබරවාරියේ මෙරට නිෂ්පාදන හා සේවා ඉහළට
small-dog-biting
වැඩිම ජලභීතිකා මරණ ගම්පහින් වාර්තා වෙයි
image-22
IIHSආයතනය ‘අපි පිළිගැනීමෙන් ඉහළයි’ තේමාව දියත් කරමින් සෞඛ්‍ය ක්ෂේත්‍රයේ විප්ලවීය වෙනසක් කරයි
image-21
මනෝ විද්‍යාව, පෝෂණවේදය හා සම-සෞඛ්‍ය ක්ෂේත්‍රයට අදාළ පාඨමාලා රැසක්IIHSවෙතින්
image-20
සිසුන්ට අධ්‍යාපන ණය පහසුකම් සැපයීමට IIHSසහ DFCC බැංකුව එක් වේ
image-19
වියතුන් තැනූ "මෝඩ බැම්ම"ක් නිසා දුක්විඳින මාතර මිනිස්සු