විජිත් විජේමුණි නිදහස් පක්ෂයෙන් නෙරපයි

Picture of උමංග බණ්ඩාර

උමංග බණ්ඩාර

හිටපු පාර්ලිමේන්තු මන්තී‍්‍ර විජිත් විජේමුණි සොයිසා මහතා ශී‍්‍ර ලංකා නිදහස් පක්‍ෂයෙන් නෙරපා හැරීමට පක්‍ෂයේ මධ්‍යම කාරක සභාව පියවර ගෙන ඇත.

මීට අමතරව ප‍්‍රාදේශීය සභා මන්තී‍්‍රවරුන් පිරිසක්ද පක්‍ෂයෙන් නෙරපා හැරිමට මධ්‍යම කාරක සභාව මේවනවිට තීරණය කර ඇත .

පක්ෂයේ විනය ක්‍රියාමාර්ගවලට අනුව මෙම පියවරයන් ගෙන ඇති බව ශී‍්‍ර ලංකා නිදහස් පක්‍ෂයේ ජ්‍යෙෂ්ඨ උප සභාපති මහාචාර්ය රෝහණ ලක්‍ෂ්මන් පියදාස මහතා අප වෙබ් අඩවියට පැවසීය