ශවේන්ද්‍ර යුධ හමුදාපති කළාට TNA කළකිරෙයි

Picture of අසංක

අසංක

නව යුද හමුදාපතිවරයා ‌ලෙස ලුතිනන් ‌ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා‌ෙගේ පත්කිරීම ‌දෙමළ ජනයාට එල්ල කරන ලද පා පහරක් බව ‌දෙමළ ජාතික සන්ධානය පවසයි.

ජනාධිපතිවරයා ගත් ‌මෙම තීරණය සම්බන්ධයෙන් එම පක්ෂය කළකිරීමට පත්වූ බව ද ‌දෙමළ ජාතික සන්ධානය කියාසිටියි.

අවසන් ගැටුම සමයේදී සිදුවූ බව කියන මානව හිමිකම් කඩවීම් සම්බන්ධයෙන් ශවේන්ද්‍ර සිල්වා මහතාට එල්ල වී ඇති ජාත්‍යන්තර චෝදනා ඉස්මතු කරමින් දෙමළ ජාතික සන්ධානය මේ බව සදහන් කර තිබේ.