නවතම පුවත්

ශ්‍රී ලංකාවේ ආර්ථිකයට සහය දෙන බවට , රටවල් 23ක් සහතිකවේ !

පැතුම් වික්‍රමරත්න

පැතුම් වික්‍රමරත්න

ආර්ථික අර්බුදයෙන් ගොඩඒමට ශ්‍රී ලංකාවට සහාය වන බව විදෙස් තානාපතිවරුන් විසින් ජනපති රනිල් වික්‍රමසිංහ මහතාට සහතිකයක් ලබාදී ඇතැයි ජනාධිපති මාධ්‍ය අංශය නිවේදනය කරයි.

ආර්ථික අර්බුදයෙන් ගොඩඒම සඳහා ශ්‍රී ලංකාවට ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ සහාය ලබාගැනීමට පූර්ණ සහාය ලබාදෙන බව විදෙස් තානාපතිවරුන් එහිදී පවසා ඇති බව ජනපති මාධ්‍ය අංශය වැඩිදුරටත් පැවසීය.

ණය ප්‍රතිව්‍යුහගතකරණය හා ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ සහාය ලබාගැනීම පිළිබඳව විදෙස් තානාපතිවරු දැනුවත් කිරීමට ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් අද (22) පස්වරුවේ ජනාධිපති කාර්යාලයේ පැවති සාකච්ඡාවේ දී මේ බව සඳහන් කර තිබේ.

පැරිස් සමාජය (Paris Club) සහ පැරිස් සමාජයට අයත් නොවන රටවල් 23කට අයත් තානාපතිවරු මෙම සාකච්ඡාව සඳහා එක්වී සිටියහ.

ශ්‍රී ලංකාව මුහුණ දී ඇති මෙම තත්ත්වයෙන් මිදීමට සිය පූර්ණ සහාය ලබාදෙන බව මෙහිදී සඳහන් කර ඇති විදෙස් තානාපතිවරු කඩිනමින් මෙම අර්බුදයෙන් මිදීමට ශ්‍රී ලංකාවට හැකිවනු ඇති බවට ද විශ්වාසය පළකර ඇත.

මෙහිදී අදහස් දැක්වූ ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා සඳහන් කළේ, ශ්‍රී ලංකාවට තිබෙන එකම අභියෝගය මෙම ආර්ථික අර්බුදය බවත්, එය අනාගත පරපුර වෙනුවෙන් ජයගැනීම සිය අපේක්ෂාව බවත්ය.

ණය ප්‍රතිව්‍යුහගතකරණය සම්බන්ධයෙන් වූ සාකච්ඡා මෙම වසර අවසන් වනවිට සම්පූර්ණයෙන්ම අවසන් කිරීමට බලාපොරොත්තුවන බවද ජනාධිපතිවරයා පැවසීය.

විදෙස් තානාපතිවරු වෙත සිය ස්තුතිය පිරිනැමූ ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා වැඩිදුරටත් සඳහන් කළේ රජය සෑම අවස්ථාවකම විනිවිදභාවයෙන් හා සමානාත්මතාවයෙන් කටයුතු කරන බවය.

මුදල් අමාත්‍යාංශයේ ලේකම් මහින්ද සිරිවර්ධන, මහ බැංකු අධිපති ආචාර්ය නන්දලාල් වීරසිංහ යන මහත්වරුන් මෙහිදී වර්තමානයේ ශ්‍රී ලංකාවේ ආර්ථික තත්ත්වය සහ ණය ප්‍රතිව්‍යුහගතකරණය පිළිබඳ පසුබිම් වාර්තාවක් ඉදිරිපත් කර ඇත.

litro
ලීට්‍රෝ ගෑස් මිල ඉහළට
IMF
IMF ප්‍රගති සමාලෝචනය ගැන පසු විපරමක් .
image-3
ලෝක බැංකුව ශ්‍රී ලංකාවේ ආර්ථිකය ගැන අනාවැකියක් කියයි !
sl economy
වෙළඳ හිඟය ඉහළ යයි
fuel
ඉන්ධන මිල අද සිට ඉහළට
image-1
'නාසි' සෙබළාට බුහුමන් දැක්වූ කතානායක ඉල්ලා අස්වේ !
image
ලෝක ළමා දිනයේදී , සංක්‍රමණික පවුල්වල දරුවන්ගේ ඉල්ලීම මෙන්න.
Plastic
ප්ලාස්ටික් හෙට සිට තහනම්!
inflation decrease
 උද්ධමනය කැපී පෙනෙන පහළ යෑමක් වාර්තා කරයි!
dhanushka
ධනුෂ්ක නිදොස් කොට නිදහස්