ශ්‍රී ලංකාවේ ආර්ථිකය යථා තත්වයට ගැනීමට කැපවෙනවා – ඉන්දියාව

Picture of පැතුම් වික්‍රමරත්න

පැතුම් වික්‍රමරත්න

ශ්‍රී ලංකාවේ ආර්ථිකය යථා තත්වයට ගෙන ඒම සඳහා ඉන්දියාවේ පූර්ණ ලෙස කැපවන බව ඉන්දීය විදේශ අමාත්‍ය ආචාර්ය එස්.ජයිශන්කර් මහතා අවධාරණය කරයි .

ආසියාන් ( ASEAN) කලාපීය සමුළුවට සමගාමීව , මෙරට විදෙස් අමාත්‍ය අලි සබ්රි මහතා සමග කාම්බෝජයෙදී පැවති විශේෂ හමුවකදී ජයිශන්කර් මහතා මේ බව පැවසීය .

අසල්වැසියා ප්‍රථමයෙන්’ යන ප්‍රතිපත්තිය අනුව ඉන්දියාව ශ්‍රී ලංකාවේ ආර්ථික ප්‍රතිසාධනය සහ සුබසිද්ධිය උදෙසා අවශ්‍ය සහය දිගින් දිගටම ලබාදෙන බවද ආචාර්ය එස්. ජයිශංකර් මහතා අවධාරණය ක⁣ළේය.