චීනය සහ රුසියාව වැනි රටවලින් අමෙරිකානුවන්ගේ දත්ත වඩා හොඳින් ආරක්ෂා කිරීම අරමුණු කරගත් නියෝගයක් සඳහා අමෙරිකානු ජනාධිපති ජෝ බයිඩන් අත්සන් කර ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.
මේ අතර අදාළ රටවල් දෙකට අමතරව කියුබාව, වෙනිසියුලාව, ඉරානය සහ උතුරු කොරියාව ද අයත් වෙයි.
බුද්ධි අංශ වාර්තා කර ඇති අන්දමට අමෙරිකාවේ ප්‍රතිවිරුද්ධ මතධාරීන් වැඩි වශයෙන් අමෙරිකාවේ දත්ත උපායමාර්ගික සම්පතක් ලෙස සලකන බව පැවසෙයි.
සයිබර් අපරාධකරුවන්ට එවැනි තොරතුරු ඉහළ වටිනාකමක් ඇති බවත් චීනය සහ රුසියාව එවැනි තර්ජන ඇති ප්රබලතම රටවල් බවත් අමෙරිකාවේ මතය වෙයි.