මෙම වසරේ මැයි මාසයේදී පැවැත්වීමට සැළසුම්කර ඇත්තේ 2022 අ.පො.ස (සා.පෙළ) විභාගයයි. බොහෝ විට සැළසුම්කර ඇති පරිදි විභාගය පැවැත්වෙනු ඇති බව විභාග දෙපාර්තමේන්තු තොරතුරු සඳහන් කළේය.
පසුගිය වසරේ පැවතියේ 2021 වසරේ සාමාන්‍ය පෙළ විභාගයයි. එම විභාගයට සිසුන් 311,321 දෙනෙක් මුහුණ දී ඇත්තේ මෙරට ඉතිහාසයේ සාමාන්‍ය පෙළ විභාගයකට මුහුණ දුන් වැඩිම පිරිස එය බව සනිටුහන්කරමිනි.
එහෙත් 2020 වසරට සාපේක්ෂව 2021 වසරේ උසස් පෙළ සඳහා සුදුසුකම් ලබා ඇති සිසු සංඛ්‍යාව තරමක් අඩුය. 2020 වසරේ සිසුන් 308,134 දෙනෙක් විභාගයට මුහුණ දී උසස් පෙළ හැදෑරීමට 236,015ක් සුදුසුකම් ලබන විට 2021 වසරේ උසස් පෙළ විභාගයට මුහුණ දීමට සුදුසුකම් ලබන්නේ 231,982 දෙනෙක් පමණි.
එසේම විෂයන් 09 ටම ඒ සාමාර්ථ ලබාගත් සිසුන්ගේ සංඛ්‍යාවද 2020 වසරට සාපේක්ෂව 2021 වසරේ සුළු අඩුවීමක් පෙන්නුම්කර ඇත. ඒ 2020 වසරේ ඒ 09 සාමාර්ථ ලැබූ සිසුන් 11,661 දෙනෙක් සිටින විට 2021 වසරේ එම සංඛ්‍යාව 10,863කි.
එසේම 2021 වසරේ 2020 වසරට සාපේක්ෂව විෂයන් සියල්ලම අසමත් සිසුන්ගේ ගණන ද වැඩිවී ඇත. 2020 වසරේදී විෂයන් සියල්ලම අසමත් සිසුන්ගේ ගණන 5,764ක් සිටින අතර 2021 වසරේ එම ගණන 6,566කි.
විභාග දෙපාර්තමේන්තුව විසින් 2021 අධ්‍යන පොදු සහතික පත්‍ර සාමාන්‍ය පෙළ විභාගයට අදාලව නිකුත්කර ඇති දත්ත මෙසේය.