ඇමෙරිකාව හා ශ්‍රී ලංකාව අතර සෝෆා ගිවිසුම අත්සන් කිරීමට රජය කිසිදු තීරණයක් ගෙන නැතැයි ආණ්ඩුවේ මාධ්‍ය ප‍්‍රකාශක හා ආයෝජන ප‍්‍රවර්ධන රාජ්‍ය අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල මහතා අවධාරණය කර සිටී.
සොෆා ගිවිසුම පමණක් නොව රටට අහිතකර කිසිදු ගිවිසුමකට රජය අත්සන් නොකරන බවද අමාත්‍යවරයා අද දහවල් පවතී මාධ්‍ය හමුවකදී සඳහන් කළේය .
මෙවැනි ගිවිසුම් අත්සන් කිරීමට පෙර ගිවිසුම පාර්ලිමේන්තුවට ඉදිරිපත් කළ යුතු බවත් ගිවිසුමට නීතිපති දෙපාර්තමේන්තුවේ අනුමැතිව හිමිවිය යුතු බවත් අමාත්‍යවරයා පැවසීය