හිමිනමගෙන් ලක්ෂ 25ක  කප්පම් ඉල්ලූ  ආවතේවකරු අත්අඩංගුවට 

Picture of උමංග බණ්ඩාර

උමංග බණ්ඩාර

දම්පත් රණසිංහ
මොරටුව රාවතාවත්තේ පිහිටි විහාරස්ථානයක වැඩ වාසය කරන භික්ෂූන් වහන්සේ නමක් බිය ගන්වා රුපියල් ලක්ෂ 25 ක මුදලක් ලබා ගැනීමට උත්සහගත් දෙදෙනෙක් සංවිධානාත්මක අපරාධ විමර්ශන කොට්ඨාශයේ නිලධාරීන් විසින්  අත්අඩංගුවට ගන්නා ලදි.
ඒ එක් සැකකරුවෙක් විහාරස්ථානයේ ආවතේවකරුවෙක් බව පොලීසිය කියයි. සෙසු පුද්ගලයා එම ආවතේවකරුගේ මිතුරෙකි.
භික්ෂුවට ඔවුන් දුරකතන ඔස්සේ තර්ජනය කර ඇත්තේ එම භික්ෂුවට අපහාස වන ඡායාරූපයක් සමාජ මාධ්‍ය ඔස්සේ ප්‍රසිද්ධ කරන බව කියමිනි. ඒ් අනුව එක් අනුව ආවතේවකරුගේ මිතුරා ඊයේ සවස කප්පම් ලෙස ඉල්ලා සිටි මුදලින් රුපියල් ලක්ෂ 05 ක් ලබාගැනීමට විහාරස්ථානයට පැමිණි අවස්ථාවේදී පොලීසිය අත්අඩංගුවට ගෙන තිබේ. ප්‍රසිද්ධ කරන බව කී ඡායාරූපය ලබාගෙන ඇත්තේ විහාරස්ථානයේ ආවතේවකරු විසින් බවද විමර්ශන වලින් අනාවරණය වී ඇත.
සැකකරුවන් දෙදෙනා ඊයේ (07) මොරටුව අධිකරණයට ඉදිරිපත්කරන බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති නීතීඥ අජිත් රෝහන මහතා සදහන් කළේය.