හෙට ජාතික ශෝක දිනයක්

Picture of අසංක

අසංක

ජපාන අග්‍රාමාත්‍ය ෂින්සෝ අබේ මහතාගේ හදිසි අභාවය හේතුවෙන් ශෝකය ප්‍රකාශ කිරීම උදෙසා හෙට(12) මෙරට තුළ ජාතික ශෝක දිනයක් රජය විසින් ප්‍රකාශයට පත්කර තිබේ.

ඒ අනුව හෙට දින සියලු රජයේ ආයතනවල ජාතික කොඩිය අඩකුඹු කළ යුතු ය.

කෙසේවෙතත් හෙට දිනය රජයේ නිවාඩු දිනයක් නොවන බවට ද රජය නිවේදනය කර සිටී.