මන්සූර් මන්ත්‍රිවරයාගේ රියදුරා අත්අඩංගුවට

Picture of අසංක

අසංක

රමේෂ් වරල්ලෙගම

අම්පාර සමන්තුරේ ප්‍රදේශයේ කරන ලද සෝදිසි මෙහෙයුමකදී අද දින මිලිනි අඩි ප්‍රදේශයෙන් හමුවු ගිනි අවි හා පුපුරණ ද්‍රව්‍යවලට සැකපිට එක්සත් ජාතික පක්ෂයේ පාර්ලිමේන්තු මන්ත්‍රි එම් අයි එම් මන්සූර් මන්ත්‍රිවරයාගේ රියදුරු ඊබ්‍රහම් මොහොම්මදු රගීෂ් පොලිසිය විසින් සැකපිට අත්අඩංගුවට ගෙන තිබේ.

මේජර් ජෙනරාල් මහින්ද මුදලිගේ  ගේ උපදෙස් පරිදි ක්‍රියාත්මක 24 සේනාංකයේ සෙබළුන් අද උදෑසන මිලිනි අඩි ප්‍රදේශයේ හිස් ඉඩමක් පරීක්ෂා කිරීමට ගොස් තිබේ.

අදාල ඉඩම ගේට්ටුවක් සවිකොට ඉබි යතුරු තබා දමා තිබී ඇති අතර ඒ ඉඩම ගැන දන්නේ දැයි ඉදිරිපිට නිවසේ සිටි සැකකාර රගීෂ්ගෙන් යුද හමුදාව විමසා තිබේ. නමුත් අදාල ඉඩම ගැන කිසිත් නොදන්නා බව පැවැසීම නිසා යුද හමුදා සෙබළු බලහත්කාරයෙන් ඊට ඇතුලුවී පරීක්ෂා කිරීමට යාමත් සමග සැකකරු විසින්ම එහි යතුර ඇති බව පවසා ගේට්ටුව විවර කර දී ඇත.

මෙම ඉඩම ඊබ්‍රාහිම් ලෙබ්බේට අයත් බව කියන අතර බාල්දියක බහා වළදමා තිබු බ්‍රව්නින් වර්ගයේ පිස්තෝලයක්, මයික්‍රො පිස්තෝලයක්, මයික්‍රො පිස්තෝල උණ්ඩ 20ක්, ටී.56 උණ්ඩ 171ක්, බෝර 12 තුවක්කු උණ්ඩ 7ක්, රිවොල්වර උණ්ඩ 7ක්, බෝර 12 හිස් පතරොම් කොපුවක් ඇතුළු යුද උපකරණ පිරිසිදු කරන උපකරණ කට්ටලයක් සොයාගෙන තිබේ.

සමන්තුරේ පොලිසිය පරීක්ෂණ පවත්වයි.