ඉන්ධන සංචිත අවසන් වීමේ අවදානමක් !

Picture of පැතුම් වික්‍රමරත්න

පැතුම් වික්‍රමරත්න

ඉදිරි දින කිහිපයේදී ඉන්ධන නෞකාවක් මෙරටට ලගා නොවුනහොත් මෙරට ඉන්ධන සංචිතය ක්‍රමයෙන් අවසන් අදියරට පැමිණීමේ අවදානමක් ඇති බව ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාව පවසයි .

මෙම තත්ත්වය ඉදිරියට ද පැවතුන හොත් විදුලි උත්පාදනයට අවශ්‍ය ඉන්ධන ලබාදීම පවා සීමා විය හැකි බව එම සංස්ථාවේ ප්‍රකාශකයෙකු මාධ්‍ය වෙත පැවසීය . 

රට තුළ පවතින ඉන්ධන පිරවුම්හල්වලින් සියයට 60 කට පමණ දින 05 ක් තිස්සේ ඉන්ධන තොග ලැබී නොමැති බව ද අනාවරණය වේ .. බවුසර් රථ රියදුරන් පවසන්නේ ඉන්ධන ප්‍රවාහනයට ප්‍රමාණවත් රථ පැමිණිය ද ප්‍රමාණවත් පරිදි ඉන්ධන තොග ඛණිජතෙල් නීතිගත සංස්ථාවෙන් නිකුත් නොකරන බවයි.