නවතම පුවත්

බංගලාදේශයත් බරපතල ආර්ථික අර්බුදයක !

පැතුම් වික්‍රමරත්න

පැතුම් වික්‍රමරත්න

බංග්ලාදේශය ද මේවනවිට මූල්‍ය අර්බුදයකට මුහුණ දෙමින් ඇතැයි ඉන්දීය මාධ්‍ය වාර්තා කරනවා. ආර්ථික විශේෂඥයින් උපුටා දක්වමින් එම වාර්තා පෙන්වා දෙන්නේ පසුගිය මාස 03 තුළ බංග්ලාදේශයේ ටකා මුදල් ඒකකය අමෙරිකානු ඩොලරයට සාපේක්ෂව සියයට 20 කින් පමණ පහත වැටී ඇති බවයි.

පවතින තත්ත්වය හමුවේ බංග්ලාදේශය ජාත්‍යන්තර මූල්‍ය අරමුදලෙන් සහය ඉල්ලා ඇති බවද ඉන්දීය මාධ්‍ය වාර්තා කරනවා. යුක්රේන යුද්ධය හමුවේ ඉන්ධන මිල ගණන් ඉහළ යාම වැනි කරුණු හේතුවෙන් බංග්ලාදේශය ද දැඩි අර්බුදයකට මුහුණපාමින් ඇති බවයි වාර්තා කරන්නේ.

දේශීය මුදලේ අගය අවප්‍රමාණය වීම සහ විදේශ විනිමය සංචිත අඩුවීම හේතුවෙන් බංග්ලාදේශය මුහුණ පා සිටින බලශක්ති හිඟයත් සමඟ විදුලිබල සැපයුමට ද දැඩි පීඩනයක් එල්ල වෙමින් ඇතැයි වාර්තා වනවා. එය ලිහිල් කිරීම සඳහා වායු සමීකරණ භාවිතය සීමා කරන ලෙස බංග්ලාදේශ රජය එරට මුස්ලිම් පල්ලිවලට දැනුම්දී ඇති බවයි වාර්තා වන්නේ.

පවතින තත්ත්වය අනුව බංග්ලදේශය, ණය මාර්ගයකට යොමුවීම සඳහා ජාත්‍යන්තර මූල්‍ය අරමුදලට ඉල්ලීම් ඉදිරිපත් කර ඇති බව ද ඉන්දීය මාධ්‍ය වාර්තා කරනවා. එහෙත් එහිදී අපේක්ෂිත ණය මුදල කොපමණද යන්න අනාවරණ කර නැහැ.

wijedasa
විජේදාසත් වැඩබලන සභාපති වෙයි !
image-2
වතුකරයේ හර්තාල් !
image
ජාතික මුරුංගා දිනය ප්‍රකාශයට පත් කිරීම කඩිනමින් සිදු කරනවා
train-1
අවුරුදු වෙනුවෙන් විශේෂ ප්‍රවාහන සේවාව අද සිට ක්‍රියාත්මකයි
hisathel gema
හිසතෙල් ගෑමේ නැකත උදාවෙයි
awurudu wish
සුබ අලුත් අවුරුද්දක් වේවා!
awurudu games
අවුරුදු උත්සව -සැණකෙලිවලට 30,000කට අධික ආරක්ෂක භටයින්
punya kalaya 1
පුණ්‍ය කාලය ඇරඹෙයි
new year
2024 අලුත් අවුරුදු නැකැත් චාරිත්‍ර
Ali
කච්චතිව් දූපත ඉන්දියාවට දෙන්න වේවිද?