Featuredආර්ථික


Share now!

මේ වන විට වසා දමා තිබෙන සපුගස්කන්ද තෙල් පිරිපහදුව ලබන 15දා නැවතත් විවෘත කරන බව විදුලිබල හා බලශක්ති අමාත්‍ය කංචන විජේසේකර මහතා පවසයි.

බොරතෙල් රැගත් නෞකාවක් ලබන 13දා මෙරටට පැමිණෙන බව විදුලිබල හා බලශක්ති අමාත්‍ය කංචන විජේසේකර මහතා පැවසීය. මේ අනුව සපුගස්කන්ද ‌පිරිපහදුවේ කටයුතු ලබන 15 දා සිට නැවත ආරම්භ කරන බවද අමාත්‍යවරයා පාර්ලිමේන්තුවේදී පැවැසීය.

පිරිපහදුව විවෘත කළ පසු ඉන්ධන වර්ග නිෂ්පාදනය අරඹන බවත් භූමිතෙල් ධීවර ඇතුළු සියළුම අංශ වලට මේ මස 19දා  සිට අඛණ්ඩව බෙදාහරින  බවත් විදුලිබල හා බලශක්ති අමාත්‍යවරයා  සඳහන් කළේය.