Featuredසේයාරූ


Share now!

සිරදඬුවම් විදින හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී රංජන් රාමනායකට ජනාධිපති සමාව ලබා ලිපියට ජනාධිපතිවරයාගේ අනුමැතියට යටත්ව ජනාධිපති ලේකම්වරයා විසින් අත්සන් කර ඇති බව වාර්තා වනවා.

ජනාධිපති සමාව ලබාදීමේ දී මින් ඉදිරියට අධිකරණයට අපහාස වන කිසිදු ප්‍රකාශයක් හෝ ක්‍රියාවක් සිදුනොකරන ලෙස වන කොන්දේසි සහිත සමාවක් ලබාදීමට ජනාධිපතිවරයා මෙහිදී කටයුතු කර ඇති බවයි ජනාධිපති මාධ්‍ය අංශය නිකුත් කළ නිවේදනයේ දැක්වෙන්නේ.

2017 වර්ෂයේදී අරලියගහ මන්දිරය අසල සිදුකළ මාධ්‍ය සාකච්ජාවක දී අධිකරණයට අපහාස කරමින් සිදුකළ ප්‍රකාශයක් හේතුවෙන් ශ්‍රේෂ්ඨාධිකරණය විසින් ඔහුට එරෙහිව වසර 04ක සිර දඬුවම් නියම කරනු ලැබුවා.

ඒ අනුව ඔහු මේ වන විට අවුරුදු 01යි මාස 07ක ආසන්න කාලයක් සිය සිර දඬුවම් විදිමින් සිටිනවා.