නවතම පුවත්

ශ්‍රීලනිපයෙන් අලුත් ආණ්ඩුවක් !

පැතුම් වික්‍රමරත්න

පැතුම් වික්‍රමරත්න

ශ්‍රී ලංකා නිදහස් පක්ෂය සහ වමේ පක්ෂ සමඟ එක්ව බිහිකරන සන්ධානයක් මගින් නිශ්චිත වශයෙන්ම ඉදිරියේදී ආණ්ඩුවක් පිහිටුවන බව ශ්‍රී.ල.නි.ප සභාපති, හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා පැවසීය.

වත්මන් ආණ්ඩුව ගෙනයන්නේ පොහොට්ටු පක්‍ෂයේ නායකයන් නිසා එහි තනතුරක් ලබාදුන්නත් භාරගැනීමට තමන් සූදානම් නැති බව ද හිටපු ජනාධිපතිවරයා සඳහන් කළේය.

ඔහු මේ බව පැවසුවේ ශ්‍රී ජයවර්ධනපුර ග්‍රෑන්ඩ් මොනාක් හෝටලයේ දී අද (28) පැවති එම පක්‍ෂ මහරගම ආසන බලමණ්ඩල රැස්වීම අමතමිනි.

ශ්‍රී ලංකා නිදහස් පක්‍ෂයේ කිසිවකුට අද වන තුරු ආණ්ඩුවට එක්වීමට අනුමැතිය දී නැතැයි කී මෛත්‍රීපාල සිරිසේන මහතා ආණ්ඩුවට එක් වූ නිමල් සිරිපාල ද සිල්වා ‘වචනයේ පරිසමාප්ත අර්ථයෙන්ම සර්වපාක්ෂික ආණ්ඩුවක් නම් තමයි අපි යන්නේ’ යනුවෙන් පක්‍ෂ මධ්‍යම කාරක සභාවේදී පැවසූ බව ද කීවේය.

එසේ පවසා ඊට පසුදිනම ඔහු ආණ්ඩුවට එක් වූ බව ද හිටපු ජනාධිපතිවරයා පැවසීය.

ඉදිරියේදී කැබිනට් මණ්ඩලයට තව ඇමතිවරු 30ක් සහ රාජ්‍ය ඇමතිවරු 40ක් පත්කරන බවට ආරංචි ඇතැයි ද හෙතෙම සඳහන් කළේය.

තමන්ට අගමැතිකම ලබාදුන්නේ නම් මීට වඩා වෙනසක් කරන බව පක්ෂයේ අය පැවසුවත් පොහොට්ටු පක්‍ෂයේ නායකයන් විසින් පාලනය කරන ආණ්ඩුවක අගමැතිකමක් තමන් භාරනොගන්නා බව ද හෙතෙම කීවේය.

How-to-trade-stocks
කොටස් වෙළෙඳපොළෙන් බිලියන 2 1/2 ක පිරිවැටුමක්. ප්‍රධාන මිල දර්ශකය ඒකක 77කින් ඉහළට
image-4
ශ්‍රී ලංකාව හා ඉරානය අතර අවබෝධතා ගිවිසුම් පහක් !
image-3
උමා ඔය ව්‍යාපෘතිය විවෘත කෙරේ !
wijedasa
විජේදාසත් වැඩබලන සභාපති වෙයි !
image-2
වතුකරයේ හර්තාල් !
image
ජාතික මුරුංගා දිනය ප්‍රකාශයට පත් කිරීම කඩිනමින් සිදු කරනවා
train-1
අවුරුදු වෙනුවෙන් විශේෂ ප්‍රවාහන සේවාව අද සිට ක්‍රියාත්මකයි
hisathel gema
හිසතෙල් ගෑමේ නැකත උදාවෙයි
awurudu wish
සුබ අලුත් අවුරුද්දක් වේවා!
awurudu games
අවුරුදු උත්සව -සැණකෙලිවලට 30,000කට අධික ආරක්ෂක භටයින්