ශ්‍රී ලංකා මහජන උපයෝගිතා කොමිසමේ සාමාජික මණ්ඩලයට ඇමැති රවි කරුණානායකගේ පුද්ගලික නීතිඥයා පත්කිරීම නීති විරෝධියි
ස්වාධින කොමිෂන් සභාවක් වන ශ්‍රී ලංකා මහජන උපයෝගිතා කොමිෂන් සභාවට ,අමාත්‍ය රවි කරුණානයකගේ පුද්ගලික නීතිඥවරයෙකු වන සදුන් ගමගේ නැමැත්තා සාමාජිකයෙකු ලෙස පත්කිරීම හෙලා දකින බව “දූෂණ විදු නෙතින්” සංවිධානය අවධාරණය කර සිටී.
මහ බැදුම්කරයට අදාලව ජනාධිපති කොමිෂන් සභා පරීක්ෂණයේදී අවස්ථා ගණනාවකදී අමාත්‍ය රවි කරුණානායක වෙනුවෙන් පෙනී සිටි නීතිඥයා වුයේද සදුන් ගමගේ මහතා වන බවත් විද්වත් වෘත්තිකයින්ගෙන් සැදුම්ලත් සංවිධානයක් වන දූෂණ විදු නෙතින් සංවිධානය නිවේදනය කර සිටී
රවි කරුණානායක විදුලිබල අමාත්‍ය වරයා ලෙස වැඩ බාර ගැනීමේන් අනතුරුව පසුගිය ජනවාරි මාසයේ සිට හදිසි විදුලිය මිලදී ගැනීම් ගණනාවක් කර ඇති අතර තරගකාරී ටෙන්ඩර් ක්‍රමයට පරිබාහිරව විදුලිබල පනත උල්ලංඝණය කරමින් මෙම මිලදී ගැනීම් කර ඇති බවත් . මේ දක්වා ආරම්භ කර නොමැති විදුලි බල ව්‍යාපෘති 27ක් සදහා සිය දේශපාලන හිතවතුන් පත්කිරීමට ද ඔහු විසින් විදුලිබල මණ්ඩලයට නියෝග කර ඇති බවත් මෙම නිවේදනයේ දැක්වේ.
නිවේදනයේ වැඩිදුරටත් මෙසේද දැක්වේ ,
ශ්‍රි ලංකා විදුලිබල පනත මගින් විදුලිය මිලදී ගැනීමේ මිල තීරණය කිරීම හා විදුලි ගාස්තු තීරණය කිරීමේ බලය ශ්‍රී ලංකා මහජන උපයෝගිතා කොමිෂන් සභාවට පවරා ඇති අතර රවි කරුණානායක විසින් එම බලය සියතට ගැනීම සදහා පනත සංශෝධනය සදහාද කැබිනට් අනුමැතිය ලබාගෙන ඇත.
යහපාලන රජය විසින් සිදුකරන මෙම සදාචාර හා නීතිවිරෝධී පත්වීමට රටේ සමස්ත වෘත්තීකයින්ගේ විරෝධය පල කර සිටිමු.
මෙරට විදුලිබල කර්මාන්තය මේ වන විට විශාල පරිහානියකට ලක්කරමින් දූෂන හා වංචා සහිත විදුලි මිලදී ගැනීම් සිදුකරන අතර අඩු පිරිවැය විදුලි ජනන ක්‍රමයක් වන වහල මත සවිකරන සුර්ය විදුලි බලාගාර නැවත්වීමටද විදුලි බල අමාත්‍යංශය ක්‍රියාකර ඇත.
මේ සියලු දුෂන හා අක්‍රමිකතා වලට එරෙහිව දුෂණ විදු නෙතින් සංවිධානය ඉදිරියේදී නීතිමය ක්‍රියාමාර්ග ගැනීමට තීරණය කර ඇත.