ත්‍රීකුණාමලයේ බෞද්ධ හින්දු ගැටුමක් ඇති කිරිමේ දේශපාලන කුමන්ත්‍රණයක්

Picture of උමංග බණ්ඩාර

උමංග බණ්ඩාර

ත්‍රිකුණාමලය – ලක්මාල් කේ. බදුගේ

ත්‍රිකුණාමලය කන්නියා උණුදිය ලිං පුරාවිද්‍යා පරිශ්‍රය තුල මලවුන් පිදිමේ පුජාවක්  යැයි කියමින්  ලබන 31 දින පෙරවරු 06.00 ට දේව ප්‍රතිමාවක් තැන්පත් කිරිමේ උත්සහයක් පවතින බවත් ඒ තුලින් ප්‍රදේශයේ සාමය කඩ විමට ඉඩ ඇති බවත් කියමින් එය වලක්වාලන ලෙස ඉල්ලා පෙරේදා (22)  ත්‍රිකුණාමලය දිස්ත්‍රික් තෛයිනිකායික භික්ෂු බල මණ්ඩලයේ ලේකම් චීනවරාය බෝධිරාජාරාමාධිපති ශ්‍රාස්ත්‍රවේදි පූජ්‍ය අලූ‍ත්ඔය සද්ධාතිස්ස  හිමියෝ උප්පුවේලි  පොලිසියට  ලිඛිත පැමිණිල්ලක් ඉදිරිපත් කලේය.

මෙවැනි මළවුන් පිදිමක් මේ කාලයේ නොතිබුණත් ප්‍රශ්ණයක් ඇති කරන මුවාවෙන්  මෙය සංවිධානය කරන බවත් කන්නියා උණු දිය ලිං රජ මහා විහාරය මුල්කොටගෙන නොසන්සුන්තාවයක් ඇතිකොට සිංහල දෙමල ජනයා අතර විරසකයක් ගොඩනගන්නට බංකොලොත් දේශපාලකයන්ගේ උත්සහක් පවතින බවත් දේව ප්‍රතිමාවක් තැන්පත් කර බෞද්ධ සිද්ධස්ථාන මංකොල්ලකෑමේ උත්සහයක නියැලෙන බව සද්ධා තිස්ස හිමියන්් පොලිසියට කල පැමි‚ල්ලේ සදහන් වේ.

මෙම ඵෙතිහාසික ස්ථානය 2011 සැප්තැම්බර් 09 දින  අංක 1723 දරණ ගැසට් නිවේදනය මගින් දාගැබ, උණු දිය ලිං හත හා පිළිමගෙය පුරාවිද්‍යා ස්මාරක ලෙස නම්කර තිබියදිත් එයට අනවසරයෙන් ඇතුල් වි මෙම ක්‍රියාව සිදුකිරිමට උත්සහ ගන්නා බව සද්ධාතිස්ස හිමියෝ කල පැමි‚ල්ලේ වැඩිදුරටත් දැක්වේ.

එබැවින්  පුරාවිද්‍යා භූමියට  ඇතුල් විමට  අවසර නොදි එම පූජාව  ඒ ආසන්නයේ ඇති ගයාත්‍රි කොවිලේ සිදුකරණ ලෙස උපදෙස්  දෙන ලෙසත් පැමි‚ල්ලේ සදහන් වේ. මෙම ක්‍රියාවලිය පිටුපස දෙමල ජාතික සන්ධානයේ පාර්ලිමේන්තු මන්ත්‍රිවරුන් වන එස්. ශ්‍රි ධරන්, එස්. යොගේෂ්වරන් සමස්ථ ලංකා දෙමල කොංග්‍රසයේ  නායක ගෙජ්න්ද්‍ර කුමාර් පොන්නම්බලන් හා ගනේෂ් කෝකිල රමනි හෙවත් කෝවිල් අම්මා නැමැති  කාන්තාවද සිටින බව සද්ධා තිස්ස හිමියෝ සිදුකල පැමිණිල්ලේ වැඩිදුරටත් දැක්වේ. මෙම පැමිණිල්ල සම්බන්ධයෙන් උප්පුවේලි පොලිස් ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරික්ෂක ගයාන් ප්‍රසන්න මහතා යටතේ වැඩිදුර පරික්ෂණ ක්‍රියාත්මක වේ.