ත්‍රිකුණාමලය – ලක්මාල් කේ. බදුගේ
ත්‍රිකුණාමලය ආන්දම්කුලම වැවෙහි තිබි පෙරේදා (23) පස්වරුවේ ජිව අත් බෝම්බයක් සොයා ගෙන උප්පුවේලි පොලිසියට භාරදුන් බව නාවික හමුදාව පැවැසීය. ශ්‍රී ලංකා නාවික නෞකා මහවැලි කඳවුරට ලද තොරතුරකට අනුව වැව් පිටියෙහි දමා ගොස් තිබු මෙම ජිව අත් බෝම්බය සොයා ගෙන ඇත. සොයා ගත් ජීව අත් බෝම්බය ජේආර් 82 වර්ගයට අයත් එකක් බව නාවික හමුදාව කියයි. මෙම අත් බෝම්බය සම්බන්ධයෙන් ත්‍රිකුණාමලය මහේස්ත්‍රාත් අධිකරණයට කරුණු වාර්ථා කර සර්ධාපුර විශේෂ කාර්්‍ය බලකා කඳවුරේ නිලධාරින් හරහා නිෂ්ක්‍රීය කිරිමට කටයුතු කරන බවත් මේ සම්බන්ධයෙන් වැඩිදුර විමර්ශණ ආරම්භ කර ඇති බවත් උප්පුවේලි පොලිසිය පවසයි.
