ACL ආර්ථික වෙළඳ සංවිධානයේ මෙවර ලෝක සමුළුව කොළඹදී

Picture of අසංක

අසංක


ජාත්‍යන්තර ඒසීඑල් ආර්ථික වෙළඳපොල සංවිධානයේ ( මාර්කට්ස් ඇෂෝසියේසන්) 58 වැනි ලෝක සමුළුව අගෝස්තු මස 3 දා සිට 5 දා දක්වා කොළඹදී පැවැත්වීමට නියමිතය .

මෙම ලෝක සමුළුවට බලවත් මුල්‍ය වෙළඳපල වෘත්තිකයන්, කලාපීය වශයෙන් සේවා ඉටුකරන නියාමන බලධාරීන්, ප‍්‍රතිපත්ති සම්පාදකයන්, ප‍්‍රවීන
සංකල්ප නායකයන් , ආයෝජකයන් සහ ආයතන නියෝජිතයන් සහභාගිවීමට නියමිතය. මෙහිදී ”නව සුසමාදර්ශයේ වෙළෙඳපල භූමිකාව සොයාගැනීම ” යන මේ වසරේ තේමාව යටතේ සාකච්ජා පැවැත්වේ.

මෙම සමුළුවේ පූර්ණ සැසියේ සාකච්ජා සඳහා ව්‍යාප්ත විෂයයන් මෙහෙයවනු ලබන්නේ මුල්‍ය වෙළෙඳපල ක්‍ෂෙත‍්‍රයේ නායකයන් විසිනි. ආසියාව සහ නව සේදමාවත , ක‍්‍රිප්ටෝ මුදල , Blockchain and other Fintech නවෝත්පාදන /බෙදාහැරීම , AI and Machine Learning, BIX FX Global Code
සහ වසර 2020 සහ ඉන් ඔබිබට ලෝක වෙළඳපොල අපේක්‍ෂාවන් සම්බන්ධයෙන් ඔව්හු අදහස් පළ කරති.මෙම කලාපයේ මුල්‍ය වෙළඳවලවල්වල ශ‍්‍රී ලංකාව ඉටුකිරීමට බලාපොරොත්තුවන ගාමක භූමිකාව ශ‍්‍රී ලංකාව දකුණු ආසියාවට දොරටුව මැයෙන් මෙහිදී පුළුල් වශයෙන් සාකච්ජා කෙරේ.

ACIFMA සභාපති බෲනෝ ලැන්ග්ෆ්‍රට්ස් මැතදී ඔක්තෝබර් මාසයේ පැවැත්වෙන සමුළුව සඳහා
විධිවිධාන යෙදීම පිණිස ශ‍්‍රී ලංකාවට පැමිණ සිටි. ඔහු කියා සිටින්නේ අපගේ සංවිධානයේ වැදගත්
සිදුවීමක් වන මෙම සමුළුව ශ‍්‍රී ලංකාවේ පැවැත්වීම ගැන මහත්සේ සතුටට පත්වන බවයි.
මෙමගින් මෙම මනස්කාන්ත දිවයිනෙහි සුන්දරත්වය විදහා දැක්වීමක් පමණක් නොව ශ‍්‍රී ලංකාව මෙම කලාපයේ මුල්‍ය
වෙළඳපලවල්වල එය ඉටු කිරීමට උත්සාහ දරන වැදගත් කාර්යභාරයද පෙන්වයි. මාගේ
දෘෂ්ටිකෝණයෙන් බලන විට එය අනාගතයේදී කලාපීය මුල්‍ය වෙළඳපලවල්වල ඉතා වැදගත් ගාමක
බලවේගවලින් එකක්වෙයි. වෙළඳපල සංවර්ධනයට දායක වන සමස්ත මුල්‍ය වෙළඳපල වෘත්තිකයන්ගේ
පෙරමුණේ පසුවන ජාත්‍යන්තර සංගමය වශයෙන් මෙම සමුළුවට සහභාගිවන ලොව සුපතල
දේශකයන්ගේ දායකත්වය නිසා මෙම සමුළුව බෙහෙවින් ප‍්‍රතිඵලදායක වන බව මට නිසැකය