නවතම පුවත්

සමාජ ප්‍රධානින් ශ්‍රී ලංකා පාර්ලිමේන්තුවට කැදවීමට සූදානම්

උමංග බණ්ඩාර

උමංග බණ්ඩාර

වෛරී ප්‍රකාශ සහ අසත්‍ය ප්‍රකාශ සිදුකිරීමට සමාජ මාධ්‍ය ජාලා භාවිතය පිළිබඳව මතුවී ඇති බරපතල ගැටලුව සඳහා සාමජ මාධ්‍ය නියාමනය කිරීමේ හැකියාව සොයා බැලීම පිණිස අදාළ තැනැත්තන්ගේ සාක්ෂි කැඳවා විමර්ශනයක් පැවැත්වීමට පාර්ලිමේන්තුවේ නෛතික කටයුතු (දූෂණ විරෝධී) සහ මාධ්‍ය නියාමනය පිළිබඳ ආංශික අධීක්ෂණ කාරක සභාව තීරණය කර තිබේ.

ඒ අනුව ෆේස් බුක්, මැසෙන්ජර්, ඉන්ස්ටග්‍රැම්, වයිබර්, වට්ස්ඇප්,ගූගල්, ඉමෝ යන සමාජ මාධ්‍ය වේදිකාහි වගකිව යුතු ජාත්‍යන්තර විධායක නිලධාරින් සහ අනෙකුත් දේශීය විශේඥයින් මෙම කමිටුව ඉදිරියට කැඳවා සාක්ෂි විමසීමට නියමිතය.

සමාජ මාධ්‍ය ජාලා භාවිතා කර වෛරී ප්‍රකාශ හා සාවද්‍ය ප්‍රවෘත්ති ව්‍යාප්ත කරන්නන් පුරවැසියන්ගේ ආත්ම ගරුත්වය කෙලසමින් අපහාස සිදුකිරීම, විවිධ ආයතන හා ව්‍යාපාර නිතී විරෝධි ලෙස අඩාල කිරීමට සහ ජාතික ආරක්ෂාව අභියෝගයට ලක්වන ආකාරයට අපරාධ සඳහා පුද්ගලයන් පෙළඹවීම සිදුවන බවට එම අධික්ෂණ කාරක සභාවට  නිරීක්ෂණය වී තිබේ.

මර්දන නීති පැනවීම වෙනුවට සමාජ මාධ්‍ය පවත්වාගෙන යන ආයතන සමග සහයෝගයෙන් සහ තාක්ෂණය නිර්මාණශීලි ලෙස භාවිතයෙන් මෙම තත්ත්වය පාලනය කිරීම සුදුසු බව නෛතික කටයුතු පිළිබඳ සහ මාධ්‍ය නියාමනය කිරීම පිළීබඳ ආංශික අධික්ෂණ කාරක සභාවේ ලේකම් අමාත්‍ය අජිත් පී.පෙරේරා මහතා පවසයි.

ආංශීක අධීක්ෂණ කාරක සභාව ලබාගන්නා සාක්ෂි මත පදනම්ව ප්‍රායෝගික වූ ,පුරවැසියන් සතු අදහස් ප්‍රකාශ කිරීමේ අයිතිය තහවුරු වූ, මානව ගරුත්වය ආරක්ෂාවූ, ජාතික ආරක්ෂාව තහවුරු වූ විසඳුමක් ඇතිකර ගැනීමට එකඟතා ඇතිකර ගැනීමට බලාපොරොත්තු වන බවද ලේකම්වරයා සඳහන් කරයි

prathibha
ප්‍රතිපත්තිමය වෙනස්කම් සඳහා පුරවැසි සංවිධාන ශක්තිමත්විය යුතුයි - ප්‍රතිභා මහානාමහේවා
image
DIGIECON ගෝලීය ආයෝජන සමුළුව, හරහා මෙරටට නව ආයෝජන රැසක් !
debt
රටේ ණය බර තවත් ඉහළට !
DiscoverHeat1
මේ උණුසුම අවදානම් !
How-to-trade-stocks
කොටස් වෙළෙඳපොළෙන් බිලියන 2 1/2 ක පිරිවැටුමක්. ප්‍රධාන මිල දර්ශකය ඒකක 77කින් ඉහළට
image-4
ශ්‍රී ලංකාව හා ඉරානය අතර අවබෝධතා ගිවිසුම් පහක් !
image-3
උමා ඔය ව්‍යාපෘතිය විවෘත කෙරේ !
wijedasa
විජේදාසත් වැඩබලන සභාපති වෙයි !
image-2
වතුකරයේ හර්තාල් !
image
ජාතික මුරුංගා දිනය ප්‍රකාශයට පත් කිරීම කඩිනමින් සිදු කරනවා