මංකොල්ලකන ඩිෆෙන්ඩරයක් ගැන තොරතුරු හෙළිවෙයි – වාහනේ අවිත් තිබිලා

Picture of අසංක

අසංක

වීරකැටියේදී පොලිස් පරීක්ෂාවට ලක්වන අතරතුර ගිනිඅවි හමුවීමෙන් පසු පලාගිය ඩිෆෙන්ඩර් රථය, පසුගියදා වලස්මුල්ල පත්බෝධිය හන්දියේදී ත්‍රිරෝද රථ කොල්ලකෑමට පැමිණි රථයම බව තහවුරු වී ඇතැයි පොලීසිය පවසයි.

වීරකැටියේදී ඊයේ පොලිස් නිලධාරීන් පරීක්ෂා කරන අවස්ථාවේදී එම ඩිෆෙන්ඩර් රථයේ තිබී විදේශයක නිෂ්පාදිත පිස්තෝලයක්, මැගසිනයක් හා පතොරම් හමුවී තිබුණි.

රථය වැඩිදුර පරීක්ෂා කිරීමට සැරසෙද්දී එම රථය පලාගිය බව පොලීසිය පැවැසීය.

එම රථය SGPS 6252 දරණ වාහන අංකය ඇති ජූලම්පිටිය පදිංචි අරුණ ප්‍රියන්ත නමැත්තෙකුගේ ඩිෆෙන්ඩර් රථය බව සොයාගෙන තිබේ.

මෙම ඩිෆෙන්ඩර් රථය පසුගිය දා වලස්මුල්ල පත්බෝධිය හන්දියේදී ත්‍රිරෝධ රථයක් කොල්ලකා තිබේ.

එම ත්‍රිරෝධ රථය කොල්ලකාගෙන පලායද්දී ඒ පසුපසින් ගිය ප්‍රදේශවාසීන් සැකකරුවන් දෙදෙනකු සමග ත්‍රිරෝධ රථය සිය භාරයට ගෙන පොලීසිය භාරදී තිබුණි.

සැකකරුවන් දෙදෙනා අධිකරණය විසින් ඇප මත නිදහස් කර ඇත.

එහෙත් එදින කොල්ලකෑමේදී අදාළ ඩිෆෙන්ඩර් රථය පලාගොස් ඇති අතර ඊයේ වීරකැටියේදී වූ සිදුවීමත් සමඟ වැඩිදුර සොයාබැලීමේදී අනාවරණය වී ඇත්තේ සිද්ධීන් දෙකටම පැමිණ ඇත්තේ එකම රථය බවයි.