සුපිරිම ජයග්‍රහණයකින් අවසන් වූ මාලිංග ගේ අවසන් සටන

Picture of උමංග බණ්ඩාර

උමංග බණ්ඩාර

සංචාරක බංග්ලාදේශ කණ්ඩායම හා පැවැති පළමු එක්දින තරගයෙන් ලකුණු 91ක පහසු ජයක් වාර්තා කිරීමට සත්කාරක ශ්‍රී ලංකා කණ්ඩායම සමත්විය.

කොළඹ ආර්. ප්‍රේමදාස පිටියේ පැවැති තරගයේ ශ්‍රී ලංකා කණ්ඩායම රැස්කළ ලකුණු 314ට පිළිතුරු ලෙස බංග්ලාදේශයට රැස්කළ හැකිවූයේ ලකුණු 223ක් පමණි.

මෙම තරගය ශ්‍රී ලංකා සුපිරි වේග පන්දු යවන ක්‍රීඩක ලසිත් මාලිංගගේ අවසන් එක්දින තරගය විය.

තම අවසන් එක්දින තරගයේද සිය වගකීම මැනවින් කණ්ඩායම වෙනුවෙන් ඉටුකළ මාලිංග පන්දුවාර 9.4කදී ලකුණු 38කට ප්‍රතිවාදී කඩුලු 3ක් දවාගත්තේය.

බංග්ලාදේශ ඉනිමේ අවසන් කඩුල්ල දවාගත්තෙද මාලිංග විසිනි.

ශ්‍රී ලංකාව වෙනුවෙන් විශිෂ්ඨ පිතිහරඹයක නිරත වූ ඉදිරිපෙළ පිතිකරු කුසල් ජනිත් පෙරේරා පන්දු 99කදී ලකුණු 111ක් රැස්කළේය.මාලි ජයග්‍රහණයකින් එක්දින පිටියට සමුදෙයි

සංචාරක බංග්ලාදේශ කණ්ඩායම හා පැවැති පළමු එක්දින තරගයෙන් ලකුණු 91ක පහසු ජයක් වාර්තා කිරීමට සත්කාරක ශ්‍රී ලංකා කණ්ඩායම සමත්විය.

කොළඹ ආර්. ප්‍රේමදාස පිටියේ පැවැති තරගයේ ශ්‍රී ලංකා කණ්ඩායම රැස්කළ ලකුණු 314ට පිළිතුරු ලෙස බංග්ලාදේශයට රැස්කළ හැකිවූයේ ලකුණු 223ක් පමණි.

මෙම තරගය ශ්‍රී ලංකා සුපිරි වේග පන්දු යවන ක්‍රීඩක ලසිත් මාලිංගගේ අවසන් එක්දින තරගය විය.

තම අවසන් එක්දින තරගයේද සිය වගකීම මැනවින් කණ්ඩායම වෙනුවෙන් ඉටුකළ මාලිංග පන්දුවාර 9.4කදී ලකුණු 38කට ප්‍රතිවාදී කඩුලු 3ක් දවාගත්තේය.

බංග්ලාදේශ ඉනිමේ අවසන් කඩුල්ල දවාගත්තෙද මාලිංග විසිනි.

ශ්‍රී ලංකාව වෙනුවෙන් විශිෂ්ඨ පිතිහරඹයක නිරත වූ ඉදිරිපෙළ පිතිකරු කුසල් ජනිත් පෙරේරා පන්දු 99කදී ලකුණු 111ක් රැස්කළේය. ඒ අනුව තරගයේ වීරයා සම්මානයද ඔහුට හිමිවිය.