නවතම පුවත්

කුලේ වෙනුවෙන් හෙට තරගය උපහාර තරගයක් පමණයි

උමංග බණ්ඩාර

උමංග බණ්ඩාර

ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායම හා බංග්ලාදේශ ක්‍රිකට් කණ්ඩායම අතර එළැඹෙන 31 දා කොළඹ ආර්. ප්‍රේමදාස පිටියේ පැවැත්වෙන තෙවැනි එක්දින තරගය ශ්‍රී ලංකා හිටපු වේග පන්දු යවන ක්‍රීඩක නුවන් කුලසේකර වෙනුවෙන් නම්කර ඇති බව ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය නිවේදනය කරයි.

ඒ අනුව තෙවැනි එක්දින තරගය නැරඹීම සඳහා නුවන් කුලසේකරට ආරාධනා කරන බවත් ඔහුට ගෞරවය පුදකිරීම වෙනුවෙන් උත්සවයක් සංවිධානය කර ඇති බවත් ක්‍රිකට් ආයතනය නිවේදනය කරයි.

2003 වසරේදී එංගලන්තයට එරෙහිව එක්දින වරම් හිමිකරගත් කුලසේකර 2014 වසරේදී විස්සයි20 ලෝක කුසලානය ජයගත් ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ සිටි ප්‍රධානතම පන්දු යවන්නෙක්ද වෙයි.

එසේම ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායම 2011දී එක්දින ලෝක අනුශූරතාව හිමිකරගත් අවස්ථාවේද නුවන් කුලසේකර එම කණ්ඩායමද නියෝජනය කළේය. 2009 වසරේ මාර්තු මාසයේ සිට සැප්තැම්බර් මාසය දක්වා ලෝකයේ අංක එකේ වේග පන්දු යවන්නා ලෙසද කුලසේකර පත්ව සිටියේය.

How-to-trade-stocks
කොටස් වෙළෙඳපොළෙන් බිලියන 2 1/2 ක පිරිවැටුමක්. ප්‍රධාන මිල දර්ශකය ඒකක 77කින් ඉහළට
image-4
ශ්‍රී ලංකාව හා ඉරානය අතර අවබෝධතා ගිවිසුම් පහක් !
image-3
උමා ඔය ව්‍යාපෘතිය විවෘත කෙරේ !
wijedasa
විජේදාසත් වැඩබලන සභාපති වෙයි !
image-2
වතුකරයේ හර්තාල් !
image
ජාතික මුරුංගා දිනය ප්‍රකාශයට පත් කිරීම කඩිනමින් සිදු කරනවා
train-1
අවුරුදු වෙනුවෙන් විශේෂ ප්‍රවාහන සේවාව අද සිට ක්‍රියාත්මකයි
hisathel gema
හිසතෙල් ගෑමේ නැකත උදාවෙයි
awurudu wish
සුබ අලුත් අවුරුද්දක් වේවා!
awurudu games
අවුරුදු උත්සව -සැණකෙලිවලට 30,000කට අධික ආරක්ෂක භටයින්