පොහොට්ටුවේ අලුත් නායකයා නම් කිරීමත් මහ සමුළුවේදී

Picture of අසංක

අසංක


ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ නායකයා නම් කිරීමද එම පෙරමුණේ මහා සමුළුව පැවැත්වෙන අගෝස්තු 11 දිනයේදී සිදුකිරීමට නියමිතව ඇත.

ඒ අනුව ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණේ නායකයා ලෙස එදින , හිටපු ජනපති , විපක්ෂ නායක මහින්ද රාජපක්ෂ මහතා නම් කෙරෙනු ඇති බවද දේශපාලන ආරංචි මාර්ග සඳහන් කර සිටී.

මෙම සමුළුවේදී ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණේ ජනපති අපේක්ෂකයාද ,නම් කිරීමට නියමිත අතර ඒ බව එම පක්ෂය මීට පෙර මාධ්‍ය වෙත සඳහන් කර තිබිණ.

කෙසේ වෙතත් එම පෙරමුණේ ජනාධිපති අපේක්ෂකයා ලෙස නම් කිරීමට සූදානම්වන්නේ කවුරුන්ද යන්න මෙතෙක් මාධ්‍ය වෙත ඔවුන් හෙළිකර නැත.

මහා සමුළුව , අගෝස්තු 11 දින කොළඹ සුගතදාස ගෘහස්ත ක්‍රීඩාංගනයේදී පැවැත්වේ.