රුසියාවේ කොවිඩ් එන්නත ශ්‍රී ලංකාවේ නිපදවීමට අවසර

Picture of අසංක

අසංක

කොවිඩ් මර්දනය සඳහා රුසියාව නිපදවූ ස්පුට්නික් V කොවිඩ් එන්නත මෙරටදී නිෂ්පාදනය කිරීමට අවශ්‍ය සහාය ලබාදීය හැකි බව රුසියාව, ශ්‍රී ලංකාවට දන්වයි.

රුසියානු තානාපතිවරයා ඒ බව ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාට දන්වා ඇති බව ප්‍රාථමික සෞඛ්‍ය සේවා, වසංගත රෝග හා කොවිඩ් රෝග පාලන කටයුතු රාජ්‍ය අමාත්‍යාංශයේ ලේකම් විශේෂඥ වෛද්‍ය අමල් හර්ෂ ද සිල්වා මහතා පැවසීය.

ජාතික ඖෂධ නීතිගත සංස්ථාව ස්පුට්නික් V එන්නත් මිලදීගැනීම සඳහා කටයුතු කරමින් සිටී.

ෆයිසර් බයෝ එන්ටෙක් එන්නත් මිලියන දෙකක් මිලදීගැනීමට ද යෝජනා වී ඇත.