මේ වනවිට රට තුල සිමෙන්ති මෙට්‍රික් ටොන් මිලියන 3ක පමණ හිඟයක් පවතින බව වාර්තාවේ .
ආනයනික තොග වෙළෙඳපොළට නිකුත් නොකිරීමෙන් මෙම හිඟය මෙලෙස බරපතල ලෙස පුළුල්වී ඇති බවද වාර්තාවේ .
සිමෙන්ති මිල ඉහළ දැමීමේ මාෆියාවක් ක්‍රියාත්මක වන බවත් , එම මාෆියාව විසින් මෙම හිඟය ඇති කර ඇති බවත් ඉදිකිරීම් කර්මාන්තකරුවන්ගේ සංගමය චෝදනා කරයි