මිනිසා ලද විශාලතම ජයග්‍රහණයක් ලෙස අදටත් පිළිගන්නා, සඳ මතට පා තබා අදට හරියටම අඩසියවසක් ගෙවී ගොසිනි.
1969 ජුලි 20 වැනිදා නීල් ආම්ස්ට්‍රෝන්, බස් ඕල්ඩ්‍රිං හා මයිකල් කොලින්ස් එම ජයග්‍රහණයේ ඓතිහාසික සලකුණු තබමින් අමෙරිකානු කොඩිය සඳ මත සිටුවීය.
සඳ ගමනට අඩසිය වසක් සමරමින් පසුගිය සතිය පුරාම අමෙරිකාවෙ මෙන්ම ලෝ පුරා විවිධ ස්ථානවල වැඩසටහන් රාශියක් පැවැත්විණ.
අද දිනයේත් නාසා ආයතන විසින් සජීවී වැඩසටහන් බොහොමයක් ද සංවිධාන කර ඇත.
සඳ ගමන සාර්ථක ඇපලෝ 11 යානයේ පිටත් වීම ඇතුළු එම පරිපූර්ණ අත්දැකීම අහසට විහිදුණු පුළුල් තිරයක් ඔස්සේ වොෂින්ටනයේදී විඳගන්නට නාසා ආයතනය කටයුතු කර තිබේ.
සඳ පිළිබඳ අතීත කතාවේ සිට අනාගතය දක්වා ඕනෑම ප්‍රශ්නයකට පිළිතුරු දීමට නාසා ආයතන වෙබ් අඩවිය ඔස්සේ අද පහසුකම් සලසා තිබේ.
LIVE NOW: Today we are celebrating the #Apollo50th anniversary of the Moon landing across the country. Check it out: pic.twitter.com/nPqAEDZkyF
— NASA (@NASA) July 19, 2019

