වැස්ස නිසා සිදු වූ මරණ ගණන 8 දක්වා ඉහළට

Picture of අසංක

අසංක

දිවයිනේ ප්‍රදේශ කිහිපයකට අධික වැසි හේතුවෙන් හටගත් ආපදා තත්ත්වයෙන් පුද්ගලයින් 8 දෙනෙකු මියගොස් තිබේ.

ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය පැවසුවේ අයහපත් කාලගුණයත් සමග දිස්ත්‍රික්ක 8 ක පුද්ගලයින් 5,000 කට අධික පිරිසක් පීඩාවට පත්ව ඇති බව ය.

මේ අතර ප්‍රදේශ කිහිපයක තවමත් පවතින වියලි කාලගුණය හේතුවෙන් පුද්ගලයින් පන් ලක්ෂ පනස් දහසක් පමණ පීඩාවට පත්ව සිටියි.