‘අන්තවාදය චීන-ලංකා දෙපාර්ශවයටම පොදු ප්‍රශ්නයක්’ – චීනය

Picture of අසංක

අසංක

ත්‍රස්තවාදය සහ අන්තවාදය චීනයට හා ශ්‍රී ලංකාවට පොදු තර්ජනයක් බවත් ඒ අනුව දෙරටේ සාමය සහ ආරක්ෂාව තහවුරු කිරීම සඳහා දෙරට අතර සහයෝගිතාවයක් ගොඩනැගිය යුතු බවත් මෙරට චීන තානාපති චෙං සූයුවාන් මහතා අවධාරණය කර සිටී.

ත්‍රස්තවාදය, අන්තවාදය සහ බෙදුම්වාදයට එරෙහිව චීනය කටයුතු කරන බවත් .මෙහිදී ශ්‍රී ලංකාවද සමග එක්ව කටයුතු කිරීම දෙරටටම වාසි ගෙනෙනු ඇති බවත් චීන තානාපතිවරයා පැවසීය .

දෙරටේ විවිධ ජනවාර්ගික හා ආගමික කණ්ඩායම් අතර අවබෝධය හා සහයෝගය දියුනු කිරීමටද දෙරට එක්ව වැඩසටහන් සංවිධානය කල යුතු බවද තානාපතිවරයා මාධ්‍ය වෙත සඳහන් කළේය.

චීනයේ ෂින්ජියැන්ග් හි ගාල් කඳවුරු විශාල සංඛ්‍යාවක් පවත්වාගෙන යාම සහ උයිගර්වරුන්ගේ මානව හිමිකම් උල්ලංගනය කිරීම සම්බන්ධයෙන් චීන රජයට අසත්‍ය චෝදනා එල්ල වී ඇති බවත් . මානව හිමිකම් උල්ලංගනය කරන “ගාල් කඳවුරු” විශාල සංඛ්‍යාවක් එහි ස්ථාපිත කර ඇති බවට ව්‍යාජ ලෙස කියා සිටිමින් බටහිර රටවල සමහර දේශපාලනකයන් සහ මාධ්‍ය ෂින්ජියැන් හි චීනයේ ප්‍රතිපත්තියට දිගින් දිගටම පහර දෙන බව දැක පුදුමයට පත්වන බවත් ශ්‍රී ලංකාවේ චීන තානාපති චෙං සූයුවාන් මහතා මෙහිදී පැවසීය.