කළගෙඩිහේනේදී ප්‍රභූ පාට් පෙන්වූ 4ක් උසාවියට

Picture of අසංක

අසංක

නිට්ටඹුව කළගෙඩිහේන ප්‍රදේශයේදී වෑන් රථ රියදුරකුට පහර දීමේ සිද්ධියට සම්බන්ධ ඩිෆෙන්ඩර් රථයේ ගමන් ගත් අත්අඩංගුවට ගැනුණු සැකකරුවන් 4 දෙනා අත්තනගල්ල මහේස්ත්‍රාත් අධිකරණයටඅද ඉදිරිපත් කිරීමට නියමිතය.

සැකකරුවන් පොලීසියට භාරවීමෙන් පසු මෙලෙස අත්අඩංගුවට ගෙන තිබේ.

ඊයේ දිනයේ සැකකරුවන් දෙදෙනකු හා අද දිනයේ සැකකරුවන් දෙදෙනකු වශයෙන් මෙලෙස අත්අඩංගුවට ගෙන ඇත.

සිද්ධියට අදාළ ජිප් රථයේ ගිය පුද්ගලයා ප්‍රභූ කෙනකු නොව ගණිත කෙටි ක්‍රම ඉගැන්වීමෙහි ජනප්‍රිය ටියුෂන් ගුරුවරයෙකි.