නාමලේඛනයට එන්නත් කලින් තරුණයන්ට ඡන්දෙ දාන්න ඉඩදෙන යෝජනාවක් ජනපතිගෙන්

Picture of අසංක

අසංක

ඡන්ද හිමියන් ලියාපදිංචි කිරීමේ පනත සංශෝධනයට රජය පියවර ගෙන තිබේ.

ඒ වාර්ෂිකව සිදුකෙරෙන ඡන්ද නාමලේඛනය අලුත් කිරීමේ කාර්යයේදී ඊළඟ ලියාපදිංචි කිරීමට පෙර වයස අවුරුදු 18 සම්පූර්ණ වන යෞවනයන්ට ද ඡන්දය භාවිත කළ හැකි පරිදි පනත සකස් කිරීම සඳහායි.

මේ අනුව 1980 අංක 44 දරණ එම පනත සංශෝධනයට අදාළ කෙටුම්පත් ගැසට් පත්‍රයේ පළකිරීමට ජනාධිපතිවරයා විසින් ඉදිරිපත් කළ යෝජනාවට අමාත්‍ය මණ්ඩල අනුමැතිය ලැබී තිබේ.