හමුදා නිල ඇඳුමට සමාන ඇඳුම් තහනම් කිරීමට රජයෙන් තීරණයක්

Picture of අසංක

අසංක

ජනතාව හමුදා නිල ඇඳුම් හා හමුදා කැලෑ ඇඳුම්වලට සමාන ඇඳුම් භාවිත කිරීම තහනම් කිරීම සඳහා නව නීති ගෙනඒමට රජය පියවර ගෙන තිබේ.

ඊට හේතුවී ඇත්තේ වර්තමානයේ සිවිල් පුද්ගලයන් විසින් හමුදා නිල ඇ‘දුම් හා හමුදා කැලෑ ඇඳුම්වල වර්ණ විලාසිතාවට සමාන ඇඟළුම් සකස් කරගැනීමේ ප්‍රවණතාවක් දක්නට ලැබීමයි.

මෙය ජාතික ආරක්ෂාවට තර්ජනයක් වන ලෙස බලපෑ හැකි බැවින් එය වළක්වමින් 1895 අංක 6 දරන නිල ඇඳුම් ආඥා පනත පරිඡින්න කිරීමටත් නිල ඇඳුම් සඳහා නව පනත් කෙටුම්පතක් සකස් කිරීමටත් රජය තීරණය කර තිබේ.

මෙම යෝජනාව ආරක්ෂක අමාත්‍යවරයා ලෙස ජනාධිපතිවරයා විසින් ඉදිරිපත් කර ඇති අතර ඊට අමාත්‍ය මණ්ඩලය අනුමැතිය ලැබී තිබේ.