බටහිර ආසියානු ( West Asia ) බේස්බෝල් ශූරතාව දිනාගැනීමට ශ්‍රී ලංකාව අද සමත් විය.
දියගම ජපන් මිත්‍රත්ව බේස්බෝල් ක්‍රීඩාංගනයේදී පාකිස්ථානය 5- 4ක් ලෙසින් පරාජයට පත් කරමින් ශ්‍රී ලංකාව මෙම ශූරතාව ජයග්‍රහණය කරන ලදී.
තරගාවලියේ වටිනාම ක්‍රීඩකයා ලෙස ශ්‍රී ලංකාවේ සශික දුල්ශාන් සම්මාන ලබා ගත්තේය.
ඉන්දියාව, පාකිස්ථාන ආදී රටවල් පරාජය කරමින් අපරාජිතව ලැබූ මෙම ජයග්‍රහණය ශ්‍රී ලංකා බේස්බෝල් තරග ඉතිහාසයේ හැරවුම් ලක්ෂයක් බව ක්‍රීඩා විචාරකයන්ගේ අදහසයි.

