පාස්කු ප්‍රහාරයේ කමිටු වාර්තාව ලබන සතියේ

Picture of අසංක

අසංක

පාස්කු ඉරුදින ප්‍රහාරය පිළිබද සොයා බැලීමේ පාර්ලිමේන්තු විශේෂ කාරක සභාවේ අවසන් වාර්තාව අගෝස්තු මස පළමු සති තුල නිකුත් කිරීමට නියමිතව ඇත.

ඒ අනුව එම විශේෂ කාරක සභාවේ අවසන් සාක්ෂි විමසීම් මාලාව එළඹෙන 24 වැනිදා සිට යළි ආරම්භවේ

24 වැනිදා පෙරවරු 10.30ට ආරම්භ කෙරෙන විශේෂ කාරක සභා රැස්වීමේදී සාක්ෂි ලබාදීම සඳහා , රාජ්‍ය බුද්ධි අංශ ප්‍රධානී ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති නිලන්ත ජයවර්ධන, අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව භාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති රවී සෙනෙවිරත්න, එහි අධ්‍යක්ෂ ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී ශානි අබේසේකර, පොලිස් ත්‍රස්ත විමර්ශන කොට්ඨාශයේ අධ්‍යක්ෂ ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී වරුණ ජයසුන්දර සහ එම කොට්ඨාශයේ පොලිස් පරීක්ෂකවරයෙකු වන තරංග පතිරණ යන නිලධාරීන් කැදවා ඇති බව වාර්තාවේ