එල්.ටී.ටී.ඊ.ය විනාශ වූ හේතුව ජම්මු කාශ්මීර් ආණ්ඩුකාරයා කියයි

Picture of අසංක

අසංක

එල්ටීටීඊ සංවිධානය විනාශවී ගියේ , එම සංවිධානයට ශ්‍රී ලංකාවේ ද්‍රවිඩ ජනතාවගෙන් ලැබුණු සහයෝගය හීන වී යාම නිසා බව ඉන්දීය ජම්මු කාශ්මීර ආණ්ඩුකාර සත්‍ය පාල් මලික් මහතා ඊයේ (21) එරට පවතී විශේෂ දේශපාලන රැස්වීමක් අමතමින් සඳහන් කර ඇත.

සාමාන්‍ය ද්‍රවිඩ ජනතාවට හිරිහැර කරීම නිසා ශ්‍රී ලංකාව තුළ එල්.ටී.ටී.ඊ සංවිධානයට ලැබුනු සහයෝගය අවසානයේ ඔවුන් අහිමිකරගත් බවත් ජම්මු කාශ්මීර ආණ්ඩුකාරවරයා මෙහිදී සඳහන් කර ඇත.

ද්‍රවිඩ ජනතාවගේ සහය ලැබුනානම් එල් ටී ටී ඊය පරාජය කිරීම අපහසු වන්නට තිබු බවත් ඒ මහතා සඳහන් කර ඇත.

ජම්මු කාශ්මීරය තුළද තරුණයින් අවි අතැතිව නිකරුනේ ආරක්ෂක අංශ ඝාතනය කරන බවත් අවි බලයෙන් කිසිවිටක රජය බියට පත් කළ නොහැකි බවත් ජම්මු කාශ්මීර ආණ්ඩුකාරවරයා මෙහිදී ප්‍රකාශ කර ඇත.