ශ්‍රී ලංකාවට පැමිණෙන විදෙස් සංචාරකයින්ට ශ්‍රී ලංකාව විසින් ලබාදෙන පහසුකම් ප්‍රමාණවත් නොවන බව ශ්‍රී ලංකාවේ චීන තනාපති ෂෙංග් ෂුවැංග් මහතා අවධාරණය කර සිටී .
එසේම සංචාරක කේෂ්ත්‍රය ශ්‍රී ලංකාව පනවා ඇති ඇතැම් නීති රීති හා සීමාවන් සම්බන්ධයෙන්ද සතුටුවිය නොහැකි බව ඒ මහතා අවධාරණය කර සිටී .
මෙරටට පැමිනනෙන විදෙස් සංචාරකයින් අතුරින් වැඩිම පිරිසක් පැමිණෙන්නේ චීනයෙන් වන නමුත් ශ්‍රී ලංකාව තුළදී චීන ජාතිකයින්ට භාෂා ගැටළුවලට මුහුණ දීමට සිදුවන බවත් තානාපතිවරයා පැවසීය .
සංචාරක කටයුතු අමාත්‍ය ජෝන් අමරතුංග , සංචාරක ප්‍රවර්ධන අධිකාරියේ සභාපති කිෂූ ගෝමස් මහතා ඇතුළු මෙරට සංචාරක ක්ෂේත්‍රයේ ඉහල නිලධාරීන් පිරිසක් සමග පවතී සාකච්ජාවකදී චීන තානාපතිවරයා මෙම කරුණු සඳහන් කළේය
චීන භාෂාව කතා කලහැකි දේශීය සංචාරක මගපෙන්වන්නන් ප්‍රමාණවත් පිරිසක් රට තුල නොමැති බවත් තානාපතිවරයා මෙහිදී පැවසීය .
මෙරට පැමිනෙන තම වැසියන් ආහාර ලබාගැනීමට චීන අවන්හල් අපේක්ෂා කළද එවායේ ආහාර ඔවුන්ට සරිලන පරිදි පිසීමට චීන කෝකියන් නොමැති වීම පිලිබඳවද තානාපතිරයා මෙහිදී අවධානය යොමු කළේය
එවැනි චීන සුපවේදින් සඳහා මෙරට සේවයට පැමීනීමට වීසා ලබාගැනීම අපහසු කටයුත්තක් ව ඇති බවද තානාපතිවරයා පැවසීය .
එමෙන්ම ශ්‍රී ලංකාව තුළ චීන සංචාරකයින් සඳහා අවශ්‍ය චීන දුම්වැටි හා මධ්‍යසාර ලබාගැනීමට නොහැකිවීමද ගැටළුවක් බව ඔහු පෙන්වා දෙනලදී